බිඟුන් මේනක ගමගේ
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවට නව සාමාජිකයන් තවමත් පත්කර නැතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් නව සාමාජිකයන්ගේ නම් නිර්දේශ කළ ද ජනාධිපතිවරයාගේ අනුමැතිය නොලැබීම නිසා මෙම පත්වීම් පමා වී ඇතැයි ඔහු කීය.
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිල කාලය පසුගිය ඔක්තෝබරයේ දී නිමා වූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඊට නව සාමාජිකයන් පත්කරන තෙක් පැවැති සාමාජිකත්වයටම ක්‍රියා කිරීමට බලය හිමිවේ.
රාජ්‍ය ආයතනවලට අවශ්‍ය වන භාණ්ඩ, වැඩ, සේවා, තොරතුරු පද්ධති හා උපදේශකවරුන් තෝරා ගැනීම සහ සේවයේ නියුක්ත කිරීමට අදාළ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සකස් කිරීම ජාතික ප්‍රසම්පාදන කොමිසම වෙත පවරා ඇති මූලික කාර්ය වේ.
රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඵලදායීතාවය ඉහළ නැංවීම, විධිමත්ව ප්‍රසම්පාදනය සැලසුම් කිරීම, ක්‍රමානුකූලව ලංසු ඇගයීම, කොන්ත්‍රාත් පරිපාලනය වැනි අවශ්‍යතා සපුරාලීමෙන් මහජන මුදල් ඉතිරිකර ගැනීම එහි අරමුණ වේ.
‘ප්‍රසම්පාදන සභාවට නව සාමාජිකයන් පත්කර නෑ’
Recommended Articles