‘ සිංගප්පුරු වෙළෙඳ ගිවිසුමෙහි විද්වත් කමිටු වාර්තාව රටට හෙළි කරන්න ‘


(නාලක සංජීව දහනායක)

සිංගප්පූරුව සමඟ අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව අධ්‍යයනය කිරීමට පත් කළ විද්වත් කමිටු වාර්තාව වහාම රටට හෙළිකරන ලෙසට වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

මෙම වෙළඳ ගිවිසුම අවලංගු කර ජාතික වෙළඳ  ප‍්‍රතිප්තියක් බිහි කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන තෙක් වෙළඳ ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීමද නොකල යුතු බව ඔවුන් ඉල්ලා සිටී.

වෙළද ගිවිසුමෙන් අවාසිදායක තත්ත්වය පිළිබඳව තම පෙරමුණ මිට පෙරමුණ කරුණු සහිතව රටට ඉදිරිපත් කළ බවද ඔවුන් කියා සිටී. 

නමුත් මෙම ගිවිසුමෙන් රටට සිදුවන වාසි පිළිබඳව පැහැදිලි කිරීමට පැවැති රජය අපොහොසත් වූ බවද ඔවුන් සඳහන් කරයි.