(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්වාගෙන යන ශක්තිමත් ද්විපාර්ශවික සබඳතා සඳහා මෙන්ම විවිධ බහුපාර්ශවීය සංසදයන්හි දී කලාපීය අභිමතාර්ථයන් ඉටුකරගැනීම කෙරෙහි සුෂ්මා ස්වරාජ් මහත්මිය දැක්වූ දැඩි උනන්දුව සහ කැපවීම ශ්‍රී ලාංකික ජන හදවත් තුළ සදා අනුස්මරණීය බව හිටපු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරියක වන සුෂ්මා ස්වරාජ් මහත්මියගේ හදිසි වියෝව සම්බන්ධයෙන් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වෙත ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සදහන් කරයි.
පසුගිය කාල වකවානුවල, ස්වරාජ් මහත්මිය පෞද්ගලිකව හමුවීමට ලැබුණු විවිධ අවස්ථාවලදී ඇය, ශ්‍රී ලංකාවට ඉතාමත් ලබැදි මිතුරියක, අසල්වාසිනියක සහ ඥාතියෙකු ලෙස ප‍්‍රසන්න පෞරුෂයක් හිමි රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වශයෙන් තමන්ට හඳුනාගැනීමට ලැබුණු බව පවසන අග‍්‍රාමාත්‍යවරයා, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරිය වශයෙන් ඇයගේ ධූර කාලය තුළ දෙරට අතර පැවැති සබඳතා විශිෂ්ඨ ලෙස ඉහළ නැංවුණු බව එම පණිවුඩයේ සඳහන් කර ඇත.
එතුමියගේ වියෝවෙන් ශෝකයට පත් පවුලේ ඥාතීන් ඇතුළු සමස්ත ඉන්දීය ප‍්‍රජාව වෙත සිය සාතිශය සංවේගය පළ කරන බව ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සිය ශෝක පණිවුඩයෙන් ප‍්‍රකාශ කර ඇත.
සුෂ්මාගේ අභාවය ගැන අගමැති ශෝකය පළකරයි
Recommended Articles