(අංජුල මහික වීරරත්න)
ලෝක ආර්ථික අර්බුදයෙන් ගම ආරක්ෂා කිරීම සඳහා රජය සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී අද (22) පැවසීය.
රජය මේ වන විට බිම් මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති ලක්ෂයක් පමණ අරඹා තිබෙන බව කී අග්‍රාමාත්‍යවරයා ලංකා ඉතිහාසයේ කෙටි කලක් තුළ මෙතරම් සංවර්ධන ව්‍යාපෘති සංඛ්‍යාවක් ඇරඹූ එකම රජය යහපාලන රජය බවද සඳහන් කළේය.
ග්‍රාම නිලධාරීන් 378 දෙනෙක් සඳහා නව පත්වීම් ලබාදීමත්, පරිපාලන ග්‍රාම නිලධාරීන් 104 දෙනෙක් සඳහා උසස්වීම් ලබාදීමත් වෙනුවෙන් පැවති උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.
ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.