ජනපති තවම ‘ගේම‘ අතහැරලා නෑ


(අංජුල මහික වීරරත්න)
 
ජනපති  තවම   ‘ගේම‘  අතහැර නැතැයිද  ඒ ගේමට මුහුණ දෙන්නට ආණ්ඩුව ලෙස සුදානම් විය යුතුව ඇතැයිද එක්සත් ජාතික පක්ෂයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී   මුජිබර්  රහුමාන්  මහතා  මාධ්‍ය හමුවකදී පැවසීය.
 
 ආණ්ඩුවේ එකම ‘ගේම‘  විය යුත්තේ ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් තහවුරු කරගෙන ආර්ථිකය ශක්තිමත් කරමින් ජනතාවට සහන සැලසීම බවද  මන්ත්‍රීවරයා පැවසීය.
 
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ  මුලස්ථානයේදී අද (07) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

 

( ඡායාරූපය ශාන්ත රත්නායක )