(ඩයනා උදයංගනී)
වියළි කාලගුණයෙන් පීඩා විඳි ගොවි ජනතාව දැන් සේනා දළඹුවා නිසා නැවත පීඩාවට පත්ව සිටියත් ආණ්ඩුවට ඔවුන්ගේ දුක් අදෝනා ඇසෙන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා පැවසීය.
නියඟයෙන් පීඩාවට පත්වූ ගොවීන්ට ද ලැබිය යුතු වන්දි ද මෙතෙක් නිසි ලෙස ලැබී නැති බව කී මන්ත‍්‍රීවරයා කීවේය.
සේනා දළඹු උවදුර ජාතික ව්‍යසනයක් සේ සළකා එය මර්දනයට සියලු දෙනා එක්විය යුතු බව ද විමලවීර දිසානායක මහතා පැවසීය.
මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.