(අප්සරා යෝසිත් විජේසූරිය)
එක්සත් ජාතික පෙරමුණින් කවුරු තරඟ කළද 60% ඉක්මවූ ඡන්ද ප‍්‍රතිශයක් දිනාගනිමින් ජය ලබන බව ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප‍්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා රත්නපුර ප‍්‍රදේශයේදී පැවසුවේය.
එම අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (22 )දින පස්වරුවේදී රත්නපුරයේ වතු ජනතාවගේ සංවර්ධන ව්‍යාපෘති කීපයක් ජනසතු කිරීම සහ ඒ පිළිබඳ නිරීක්‍ෂණ චාරිකාවේ යෙදෙමින්, රත්නපුර ශ‍්‍රී රත්නේෂ්වරම් හින්දු දේවස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් කළ විමසුමකට පිලිතුරු දෙමින් පැවසුවේය.
එම හින්දු දේවස්ථානයේ විශේෂ පූජාවකට සහභාගිවීමෙන් අනතුරුව අමාත්‍යවරයා හමුවූ විටදී මාධ්‍යවේදීන් විසින් රටේ වර්තමාන දේශපාලන තත්වය පිලිබඳ කළ විමසීම්වලට පිලිතුරුදුන් මනෝ ගනේෂන් අමාත්‍යවරයා මෙසේද ප‍්‍රකාශ කලේය.
‘ ජනාධිපතිවරණය අපි දිනනවා. අපේක්‍ෂකයා කවුද කියා මුළු රටම දන්නවා. අපිත් දන්නවා. දැන් මේ සිනමා පටය අවසන් කොටස ඉතිරිව තිබෙන්නේ. දැන්ම ඒ පිළිබඳ කීවොත් වැඩක් නෑ. දැන්ම එය කීවොත් මාධ්‍යවලට ගොසිප් හදන්න ලියන්න කියන්නබෑ. දැන් හදන්න කියන් ලියන්න ඕනිතරම් අවස්ථාව තියෙනවා. එක්සත් ජාතික පෙරමුණින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා, කතානායක කරූජයසූරිය මහතා යන තිදෙනම මේ සඳහා අපේක්‍ෂකත්වය බලාපොරොත්තුවෙන් ලැයිස්තුවේ ඉන්නවා. එක්කෙනෙක් නෑ. මනෝ ගනේෂන් නෑ. තවමත්. 2025දී නම් එනවා. මෙවර කවුරුන් ඉදිරිපත්වුණත් අපි දිනනවා.’’ යයි ඇමතිවරයා පැවසුවේය.
මෙම අවස්ථාවට රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.ඒ.විජේතුංග මහතා සහ රත්නපුර නාගරික මන්ත‍්‍රීවරුන් ඇතුළු පිරිස එක්වූහ.
‘එජාපෙ කවුරු ආවත් වැඩි ඡන්ද ප්‍රතිශතයක් අගන්නවා‘
Recommended Articles