(විනීතා එම් ගමගේ)
සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා අනිවාර්යයෙන් ජනාධිපති වන බවත් ඒ ගැන කිසි සැකයක් තබානොගත යුතු බවත් තලතා අතුකෝරල මහත්මිය පවසා තිබේ.
තමන් ඇතුළු සියලු දෙනා බලා ඉන්නේ එය සිදුවන තුරු යැයි ද අමාත්‍යවරිය පවසා ඇති අතර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය ද ඇතිව පේ‍්‍රමදාස මහතා මෙම අවස්ථාව ලබා ගන්නා බව ද ඇය පවසා ඇත.
දුප්පතාගේ දුක හඳුනන, පොළවේ පය ගසා සිටින, ජනතාව වෙනුවෙන් කැපවන නායකයෙක් එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති කරන්න තමන් ඇතුළු පිරිස කැප වන බව ද ඇය පවසා තිබේ.
ඇය මේ අදහස් පල කර ඇත්තේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ කහවත්ත බුංගිරියේ ඉදිවූ 204 වන ආදර්ශ ගම්මානය වන කටුරොද ගම විවෘත කිරීමේ උත්සවයේදීය.