(මනෝජ් හර්ෂික)
පොදු ජනතාව පෙරටු කර ගනිමින් විප්ලවීය ආර්ථික වැඩසටහනක් නොවැම්බර් මාසයේදී ආරම්භ කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද(25) පැවසීය.
මෙරට නූපන් දරුවාගේ සිට ළමා, තරුණ, වැඩිහිටි යන සියළු පරපුර ශක්තිමත් කර ඔවුන්ට ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභීන් බවට පත් කිරීම තම අරමුණ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
“සැමට සහන” වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වලස්මුල්ල, කරමැටිය මහජන පොළ ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.