දුමින්ද දිසානායක කොටු වූ රන් ආලේපිත ගිනි අවියේ කතාව
අප රට තුළ වැඩියෙන්ම කතාබහට ලක්වන “සෙල්ලම් බඩුවක්’’ තරමටම නම කියැවෙන ගිනි අවියක් වේ නම් “ඒ ටී. 56” ගිනි අවිය වේ. 87-89 යුගයේ දී නාඳුනන තුවක්කුකරුවා අත තිබූ ටී. 56 ගිනි අවිය. පසු සමයේ දී පාතාල කල්ලිවලට ප්‍රධානම තුරුම්පුව වේ. ටී 56 න් අදත් හරඹ පාන නිසාම නිතර නම කියැවෙන මෙම අවිය සම්බන්ධයෙන් අලුත් මාතෘකාවක් නිර්මාණය වී තිබේ.
ඒ රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනීමට ලැබීමත් සමගය.
රත්රන් අශ්වයන් ගැන මෑත දේශපාලන වේදිකාවල නිතර කියැවුණ ද රන් අලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියක් සම්බන්ධ පුවතක් කරළියට ආවේ පළමු වතාවටය. එය ද අහම්බයෙනි.
හැව්ලොක් නිවාස සංකීර්ණයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් හතළිස් හැවිරිදි තවත් කාන්තාවක් සමග එම නිවෙසට ආවාය. ඒ ඉකුත් 20 වැනිදා පස්වරුවේය. හතළිස් හැවිරිදි කාන්තාව විදේශිකයෙකි. එමෙන්ම ඇය 68 හැවිරිදි කාන්තාවගේ ලේළිය වේ. එම කාන්තාවගේ පුත්‍රයා විදේශයක රැකියාව කරන හෙයින් ඇය මෙරට ජීවත්ව සිට ඇත්තේ තනිවමය.
68 හැවිරිදි කාන්තාව ජීවත්ව සිට ඇත්තේ ද තනිවමය. යහමින් මුදල් හදල් ඇති මෙම කාන්තාවට ප්‍රභූ සබඳතා ද ඇති බව වාර්තා වේ. පසුගිය ආණ්ඩුවල සිටි තරුණ එහෙත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු මෙම කාන්තාව සමග බෙහෙවින් කුලුපගව සිට ඇත. මෙම ඇයි හොඳයිය නිසාම එම කාන්තාව ද නිතර දෙවෙලේ හිටපු ඇමැතිවරයාගේ නිවසට යාමට ඒමට පුරුදුව සිටියාය.
හිටපු ඇමැතිවරයාගේ අරක්කැමියා මෙම 68 හැවිරිදි කාන්තාව නිසා අමතර ආදායමක් ලැබුවේය. ඒ තනිව වෙසෙන කාන්තාවට ආහාරපාන සකසා දීමෙනි. එම මිත්‍රත්වයන් බොහෝ වේගයෙන් දලු ලා වැඩී තිබිණි.
නැන්දම්මා සහ ලේළිය හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයට පැමිණෙන්නේ තමන්ගේ මෙම ගමන රටම කලඹන පුවතක් වනු ඇතැයි නොදැන විය හැකිය. කාර් රථයෙන් බැසගත් නැන්දම්මා සහ ලේලිය නිවාස සංකීර්ණයේ විදුලි සෝපානය අසලට පැමිණෙන්නේ කාරයේ තිබූ ගමන් මලු කිහිපයක් ද සහිතවය.
විදේශික කාන්තාව අත අමුතු යමක් තිබෙන බව විදුලි සෝපානය අසල රාජකාරි කළ ආරක්ෂක නිලධාරීයා දුටුවේය.
‘‘මේ මොකක්ද?* ආරක්ෂක නිලධාරියා විමසුවේය.
‘‘මේක සෙල්ලම් බඩුවක්’’ විදේශීය කාන්තාව සිනාසෙමින් උත්තර දුන්නාය.
ආරක්ෂක නිලධාරියාට ඇති වූයේ සැකයකි. ඔහු මෙම ආරක්ෂක සමාගමට ඒමට පෙර යුද බිමේ සිටි දක්ෂ නිලධාරියෙකි. ටී 56 ගිනි අවියෙන් හපන්කම් පා සිටි නිලධාරියා සැකය පහසුවෙන් මග හැරීමට සිතුවේ නැත.
68 හැවිරිදි කාන්තාව ජීවත්ව සිට ඇත්තේ ද තනිවමය. යහමින් මුදල් හදල් ඇති මෙම කාන්තාවට ප්‍රභූ සබඳතා ද ඇති බව වාර්තා වේ. පසුගිය ආණ්ඩුවල සිටි තරුණ එහෙත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු මෙම කාන්තාව සමග බෙහෙවින් කුලුපගව සිට ඇත. මෙම ඇයි හොඳයිය නිසාම එම කාන්තාව ද නිතර දෙවේලේ හිටපු ඇමැතිවරයාගේ නිවසට යාමට ඒමට පුරුදුව සිටියාය.
‘‘කෝ ඕක දෙන්න මෙහාට’’ ආරක්ෂක නිලධාරියා කාන්තාව අත වූ අමුතු භාණ්ඩය ඉල්ලා සිටියේය.
එය රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියකි. රන් ආලේප කර තිබුණ ද ගිනි අවිය ටක්කෙටම හඳුනා ගැනීමට ආරක්ෂක නිලධාරියා සමත් විය.
‘‘මැඩම් ! මේක ටී -56 වෙපන් එකක්* ආරක්ෂක නිලධාරියා කීවේය.
‘‘නෑ ඕක සෙල්ලම් බඩුවක්’’ අපිට මොකට ද වෙපන්’’ කාන්තාව යළිත් කීවාය.
‘‘හරි මම පොලිසියට කෝල් කරනවා. පොලිසියෙන් ආවම ප්‍රශ්නය විසඳගමු’’ ආරක්ෂක නිලධාරියා එසේ කියා වැල්ලවත්ත පොලිසියට ඇමතුමක් ගෙන සිද්ධිය විස්තර කළේය.
සැණකින් පොලිස් කණ්ඩායමක් එතැනට පිවිසියහ.
කාන්තාවන් දෙදෙනා සහ රන් ආලේපිත ගිනි අවිය පොලිසියේ බාරයට පත් විය.
‘‘තමුන්ට කොහෙන් ද මේ ගිනි අවිය?’’ පොලිස් නිලධාරීහු ප්‍රශ්න කළහ.
‘‘ඒක අපි දන්නේ නෑ. අපි මෙතැනට එන්න කලින් සුපර් මාර්කට් එකකටත් ගියා ඊට අමතරව බොරැල්ල කනත්තටත් ගියා. මගේ දුව භූමදානය කරල තියෙන්නේ කනත්තේ. ඉතින් අපි ඉටිපන්දම් පත්තු කරල එන්න ගියා. හැබැයි මට මතක හැටියට කනත්තේදී කාර් එක ලොක් කළේ නෑ.’’ හැට අට හැවිරිදි කාන්තාව කීවාය.
‘‘තව ටිකක් කල්පනා කරල බලන්න’’ පොලිස් ප්‍රධානියා කීවේය.
‘‘&අපේ පුතෙක් ට්‍රිප් එකක් යන්න ඕනෑ කියලා මගෙන් බෑග් එකක් ඉල්ලුවා. ගෙදර තිබුණ බෑග් එකක බඩු කාර් එකේ පිටිපස්සේ සීට් එකට දාල බෑග් එක පුතාට දුන්නා. ” කාන්තාව කීවාය.
ප්‍රශ්න කිරීම සාර්ථකය. රන් ආලේපිත ගිනි අවියේ සුලමුල අනාවරණය වෙමින් තිබේ. ඊළඟ ප්‍රශ්නය වන්නේ ගිනි අවිය සහිත බෑගය නිවස තුළට පැමිණියේ කෙසේ ද යන්නය. පොලිස් නිලධාරීහු ඒ සම්බන්ධයෙන් එම කාන්තාවගෙන් ප්‍රශ්න කරන්නට වූහ. එම ප්‍රශ්න කිරීම හමුවේ තවදුරටත් සඟවාගත හැකි රහසක් කාන්තාවට නොවීය.
‘‘මට මේ බෑග් එක ගෙනත් දුන්නේ අහවලා’’ කාන්තාව පිරිමියෙකුගේ නමක් කීවාය.
‘‘එයා කවුද කොහේද ඉන්නේ?’’ පොලිස් නිලධාරියා යළිත් විමසීය.
එයා හිටපු ඇමති දුමින්ද දිසානායකගේ ගෙදර ඉන්නේ.’’ කාන්තාව හිටපු ඇමැතිවරයාගේ නම කීවාය. ඒ පුද්ගලයා දුමින්ද දිසානයකගේ නිවසේ සිටි අරක්කැමියාය. මේ කාන්තාව සහ හිටපු ඇමතිවරයා දන්නා හඳුනන දෙදෙනෙකි.
‘‘මීට මාස 6කට පමණ ඉස්සෙල්ල ඔය කියන පුද්ගලයා මේ බෑග් එක දීල කිව්වා පරිස්සමට අරන් තියන්න කියලා. මම දැනගෙන හිටියේ නෑ බෑග් එකේ තියෙන්නේ වෙපන් එකක් කියලා” කාන්තාව කීවාය.
මෙහෙයුමේ ඊළඟ පියවර වූයේ හිටපු ඇමැතිගේ නිවෙසේ අරක්කැමියා සොයාගැනීමය. එහෙත් ඒ වනවිටත් ඔහු දුමින්ද දිසානායක ගේ නිවසේ සේවයෙන් ඉවත්ව ගොස් මාස කීපයක් ගතව තිබුණි. පොලීසිය රුවන්වැල්ල ප්‍රදේශයේ දී දුමින්ද දිසානයකගේ නිවසේ සිටි අරක්කැමියා අත්අඩංගුවට ගත්තේය.
ඇමතිවරයා කලක් පදිංචිව සිටි ලුම්බිණි විද්‍යාලයට ආසන්නයේ පිහිටි නිවසින් ඔහු ඉවත්වන විට නිවසේ තිබූ මෙම ගිනි අවිය සහිත බෑගය අරක්කැමියා අත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ සිටි මෙම කාන්තාවගේ නිවසට යවා තිබුණි. එසේ යවා තිබුණේ එම අවිය තිබූ බෑගයට දමා බව පැවසේ.
අරක්කැමියාගේ කට උත්තරයෙන් පසුව පසුගිය සිකුරාදා හිටපු ඇමති දුමින්ද දිසානායකව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළේය. මේ ගිනි අවිය කුමටදැයි ඔහුගෙන් දැනගැනීම පොලීසියේ උත්සාහයයි. මේ ආකාරයෙන් රත්‍රං ගිනි අවියක් හදන්නේ හෙණ රාජ තෛලය පැලඳ සිටින්නෙක් ඝාතනය කරන්නට යැයි දැන් බොහෝ දෙනා හාස්‍ය්‍යට කියන කතාවයි. එහෙත් මෙවැනි ගිනි අවියක් කුමටද යන්න ගැන දැඩි අවධානයක් තිබිය යුතුමය.
රත්රන් පිහිය කියලා ඇනගන්නදැයි අතීතයේ කතාවක් තිබුණි. දැන් අසන්නට වෙන්නේ රත්රන් කියලා වෙඩි තියා ගන්නද කියාය.
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්