(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේකෂකයා ලබන 06 වනදාට යෙදෙන එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරයේදී නම් කෙරෙන බව පොදු සැපයීම් හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මාලදිවයින් නිල සංචාරය අවසන් කර අනිද්දා (4) දිනයේදී යළි දිවයිනට පැමිනීමෙන් පසු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
ඉදිරි ජනාධිපතිවරණය ජය ගත හැකි සුදුසුම අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරයේදී නිළවශයෙන් ප‍්‍රකාශ කිරිමෙන් පසු මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව ආරම්භ කරන බවත් ඔහු සදහන් කළේය.
පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ සුසංයෝගයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්, පළාත් සභා මන්ත‍්‍රීවරුන් සහ පළාත් පාළන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මෙම කටයුතු සිදුකෙරෙන බවත් හර්ෂද සිල්වා මහතා වැඩිදුරටත් කීවේය.
එජාපයේ ජනපති අපේක්ෂකයා 6 වැනිදාට නම් කරනවා
Recommended Articles