(හැටන් රංජිත් රාජපක්ෂ)
ශ්‍රී ලංකාවාසි ජනතාවට හෙට (11) ඓතිහාසික දිනයක් වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියාසිටියේ අද (10) නාවලපිටියේ පිහිටි මහින්දානන්ද පදනම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
මෙම මාධ්‍ය හමුවේ අදහස් දැක් වූ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය හෙට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී 2020 ජනාධිපති අපෙක්ෂකයා ලෙස ගොඨාභය රාජපක්ෂ මහතා නම් කරන බවයි.
හෙට දින රටේ ජනතාව ජාතික කොඩිය අතැතිව ප්‍රධාන මාර්ගවලට පිවිස කැවුම්, කිරිබත් කා ප්‍රීතිවන දවසක් බවට පත්වන බව ඔහු පැවසීය.
ජාතික ආරක්ෂාවට වගකිය නොහැකි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මේ වන විට කොටස් 5කට කැඩීඇති බවත්, කිසිසේත් එම බෙදීම තුළ එක්සත් ජාතික පෙරමුණට සන්ධානයක් ගොඩනැගීමට හෝ ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමට නොහැකි බව මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
2020 ජනාධිපති අපෙක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන ගොඨාභය රාජපක්ෂ මහතාට උතුරු නැගෙනහිර ඇතුළු වතුකරයේ දේශපාලන නායකයන් සහයෝගය දැක් විමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත්, රට ගොඩනැගීමට සුදුසුකම් ඇති මේ රටේ එකම ජනාධිපති අපේක්ෂකයා ගොඨාභය රාජපක්ෂ මහතා බවත් හෙතෙම පැවසීය.