හිටපු ඇමති ජයකොඩි බිරිය අභාවප්‍රාප්ත වේ


පුෂ්පකුමාර මල්ලවආරච්චි

දිවුලපිටිය ප්‍රදේශයේ සමාජ සේවිකාවක වූ නාලනී ස්වර්ණා රත්වත්තේ ජයකොඩි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

මිය යන විට 85 හැවිරිදි වියේ පසුවූ ඇය හිටපු සංස්කෘතික අමාත්‍යවරයකු මෙන්ම ආරක්ෂක හා විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය වරයකු ද වූ ලක්ෂ්මන් ජයකොඩි මහතාගේ භාර්යාවයි.

එමෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රී හා දිවුලපිටිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක චන්දන මහතාගේ හා අරුන්දතී ජයකොඩි මහත්මිය ගේ ආදරණීය මව ද වේ .

දේහය අවසන් ගෞරවය සඳහා දිවුලපිටිය බලගල්ල රජගහ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට 11 දා පස්වරු 6.00 ට කොටදෙනියාව ආදාහනාගාරයේ දී සිදු කෙරේ.