සංගීතඥ ආනන්ද පෙරේරා දිවි ගමනට සමු දෙයි


(ෂේන් සෙනෙවිරත්න,සුජිත් හේවා ජූලිගේ)

මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉමහත්  සේවාවක් ඉටුකළ අති දක්ෂ සංගීතඥයෙක් වූ ආනන්ද පෙරේරා මහතා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.

ඒ මහතා දීර්ඝ කාලයක් අසනීප තත්ත්වයෙන් පසුවිය .

ඒ මහතාගේ දේහය මංගලගම පාර මොළඳන්ඩ, කිරිබත්කුඹුර නිවසේ තැන්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු සිදු කරන දිනය පසුව දැනුම් දීමට නියමිතය .

‘‘සිහශක්ති‘‘ සංගීත කණ්ඩායමේ නායකයා වූ ආනන්ද පෙරේරා මහතා මහනුවර ධර්මරාජ විදුහලේ ආදි සිසුවෙකු වන අතර ඔහු මෙරට බිහි වූ අති දක්ෂ සංගීතඥයකු වශයෙන් සැලකේ.