මීරිගම හිටපු සභාපති ආනන්ද අභාවප්‍රාප්ත වේ


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී හා මීරිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකුවූ ආනන්ද ප්‍රේමචන්ද්‍ර රණවීර මහතා ( මොට්ටුන්නේ ආනන්ද මහතා ) අභාවප්‍රාප්ත විය.

මිය යන විට 66 වැනි වියේ පසුවූ ආනන්ද මහතා පස්දරු පියෙකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු ලෙස දේශපාලනයට එක්වූ ආනන්ද මහතා ඉකුත් මීරිගම ප්‍රාදේශීය සභාවේද මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.

ඒ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා මොට්ටුන්න නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට 14 පස්වරු 4.00 ට මොට්ටුන්න සුසාන භූමියේදී සිදුකෙරේ.