මත්ද්‍රව්‍ය හා වැඩි වෙන රිය අනතුරු


මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම සම්බන්ධයෙන් මෑතක දී විශේෂ අවධානයක් යොමු වී ඇති සෙයක් පෙනෙන නමුත් - එම ගැටලුවේ අඩු වීමක් පෙනෙන්නට නැත. ග්‍රාමීය මහාමාර්ගවල සිට නාගරික මධ්‍යස්ථාන දක්වා, මත්පැන් බීමෙන් පසු රිය පැදවීම විශේෂයෙන් රාත්‍රී කාලයේ සහ නිවාඩු දිනවල සිදුවන මාරක අනතුරුවල ප්‍රධාන සාධකයක් ලෙස පවතී. ශ්‍රී ලංකා පොලිස් රථවාහන අංශයේ වාර්ෂික වාර්තාවට (2023) අනුව, රාත්‍රී කාලීන මාර්ග අනතුරු මරණවලින් සියයට 30කට ආසන්න ප්‍රමාණයකට මත්පැන් හේතු වී ඇති අතර, විශේෂයෙන් සති අන්තවල සහ උත්සව සමයේ රාත්‍රී 9.00 සිට පෙරවරු 3.00 දක්වා කාලය තුළ මෙම තත්ත්වය  වැඩිපුර දක්නට ලැබේ. කෙසේ වෙතත්, මෙම ලිපිය මගින් අවධානය යොමු කරන්නේ අදෘශ්‍යමාන සහ තරමක් අඩුවෙන් සැලකිල්ලට ලක්වූ අංශයක් වන මත්ද්‍රව්‍ය බලපෑම යටතේ රිය පැදවීම කෙරෙහිය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාරක උදෑසනක්

2025 ජනවාරි මාසයේ මුල් භාගයේ දී, දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම  ආසන්නයේ විනාශකාරී අනතුරුක් සිදුවිය. කොළඹ පැවති රාත්‍රී සංගීත උත්සවයකින් පසු ආපසු එමින් සිටි පෞද්ගලික වෑන් රථයක් මාර්ග බාධකයකට දරුණු ලෙස ගැටුණි. මියගිය සිව්දෙනා අතර වයස අවුරුදු 3ක දරුවෙක්ද සිටියේය. මෙම අනතුර සිදුවූයේ පෙරවරු 3.00ට පමණ වන අතර, එම වේලාව බොහෝ විට රියැදුරන්ගේ ක්ලාන්තය සමග සම්බන්ධ වුවද, මෙම සිද්ධියට ඊට වඩා භයානක හේතුවක් තිබිණි. අනතුරෙන් පසු කරන ලද පරීක්ෂණ වළින් හෙළි වූයේ රියදුරු අයිස් (මෙතැම්ෆෙටමීන් - ICE ) මත්ද්‍රව්‍යයේ බලපෑම යටතේ සිටි බවයි. මෙම උත්තේජකය ශ්‍රී ලංකාවේ පෞද්ගලික වෑන්, බස් රථ හා යතුරුපැදි ආශ්‍රිත මාර්ග අනතුරු සමග වැඩි වැඩියෙන් සම්බන්ධ වෙමින් පවතී (ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය- 2025). සාක්ෂිකරුවන්ගේ සාක්ෂිවලට අනුව රියැදුරු අධික වේගයෙන් ගමන් කර ඇති අතර, වාහනය පාලනය කිරීමට අසමත් වී ඇත. හදිසි ප්‍රතිචාර දැක්වූවන් එම අවස්ථාව “විනාශකාරී”‍ සහ  “සම්පූර්ණයෙන්ම වළක්වාගත හැකිව තිබූ”‍ බව විස්තර කර ඇත.

එම සිදුවීම දුර්ලභ හුදෙකලා සිදුවීමක් නොවේ. එය ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් වසර ගණනාවක ප්‍රගතිය අඩාල කිරීමට තර්ජනය කරන සහ වර්ධනය වන ජාතික අර්බුදයක කොටසකි.

මත්ද්‍රව්‍ය බලපෑම යටතේ රිය පැදවීමේ වර්ධනය 

මත්ද්‍රව්‍ය බලපෑම යටතේ රිය පැදවීම මෑත වසරවල ශ්‍රී ලංකාවේ මාර්ග මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ නංවා ඇත. මත්ද්‍රව්‍ය සහ බෙහෙත් වර්ගවල බලපෑම බොහෝ දුරට නොසලකා හැර ඇත්තේ - අධික වේගයෙන් ධාවනය, අනතුරුදායක රියැදුරු හැසිරීම් සහ ප්‍රමාණවත් නොවන මාර්ග යටිතල පහසුකම් වැනි ගැටලු‍ පිළිබඳව පොදු සංවාදය නිතර කේන්ද්‍රගත වන නිසාය.

ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට (PNB)  අනුව, 2024 වසරේදී පමණක් මත්ද්‍රව්‍ය බලපෑම යටතේ රිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් 4,512ක් වාර්තා වී ඇත ((PNB) , 2024). මෙය 2020 දී එවැනි අත්අඩංගුට ගැනීම් 1,800ක් පමණක් තිබූ සංඛ්‍යාවට සාපේක්ෂව විශාල ඉහළ යාමකි (ජාතික භයානක ඖෂධ පාලක මණ්ඩලය, 2024). මෙම ප්‍රවණතාව බිය උපදවනසුලුය: වසර හතරක කාලයක් තුළ සියයට150කට වඩා වැඩිවීමක් සහ වාර්තා නොවීම් සහ නිතිපතා මාර්ග බාධක මත්ද්‍රව්‍ය පරීක්ෂා  නොමැතිකම නිසා  සැබෑ සංඛ්‍යාලේඛන තවත් වැඩි විය හැකි බව විශේෂඥයෝ අනතුරු අඟවති.

2025 ජනවාරි මාසයේ මුල් භාගයේ දී, දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම  ආසන්නයේ විනාශකාරී අනතුරක් සිදුවිය. කොළඹ පැවති රාත්‍රී සංගීත උත්සවයකින් පසු ආපසු එමින් සිටි පෞද්ගලික වෑන් රථයක් මාර්ග බාධකයක දරුණු ලෙස ගැටුණි. මියගිය සිව්දෙනා අතර වයස අවුරුදු 3ක දරුවෙක්ද සිටියේය. මෙම අනතුර සිදුවූයේ පෙරවරු 3.00ට පමණ වන අතර, එම වේලාව බොහෝ විට රියැදුරන්ගේ ක්ලාන්තය සමග සම්බන්ධ වුවද, මෙම සිද්ධියට ඊට වඩා භයානක හේතුවක් තිබිණි. අනතුරෙන් පසු කරන ලද පරීක්ෂණ වලින් හෙළි වූයේ රියදුරු අයිස් (මෙතැම්ෆෙටමීන් - ICE ) මත්ද්‍රව්‍යයේ බලපෑම යටතේ සිටි බවයි. 

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ගැටලු‍වේ විකාශනය

වත්මන් තත්ත්වය වටහාගැනීමට එහි මූලාරම්භය සොයා බැලීම වැදගත් වේ. අතීතයේදී හෙරොයින් සහ කංසා ශ්‍රී ලංකාවේ ප්‍රධාන අවධානයට ලක් වූ මත්ද්‍රව්‍ය විය. කෙසේ වෙතත් පසුගිය වසර දහය තුළ මත්ද්‍රව්‍ය භූ දර්ශනය දැඩි ලෙස වෙනස් වී ඇත. ඒවා නම්:

ගෝලීය  මත්ද්‍රව්‍ය  වෙ​​ෙළඳාමේ   වෙනස්කම් - 2018 සිට අසල්වැසි රටවල ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය පාලන ප්‍රයත්නයන් ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාව හරහා නව මාර්ග ස්ථාපිත කිරීමට පොලඹවා  ඇත.
COVID-19  වසංගතයෙන් පසු සමාජය නැවත විවෘත වන විට, විශේෂයෙන් එකතු වූ ආතතියෙන් මිදීම සඳහා  අනපේක්ෂිත ආකාරයකින් මත්ද්‍රව්‍ය භාවිත  රටා වේගවත් කළේය. 
ආර්ථික පීඩන - ශ්‍රී ලංකාවේ මෑත ආර්ථික අභියෝග, තරුණයින් අතර ඉහළ රැකියා විරහිත අනුපාතය, මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ලාභදායී ස්වභාවය සමඟ එක්ව, වැඩි පිරිසක් මෙම වෙ​ෙළඳාමට යොමු කර ඇත.
මාර්ගවල වඩාත්ම අන්තරායකාරී මත්ද්‍රව්‍ය
බලධාරීන් සහ මහජන සෞඛ්‍ය විශේෂඥයන් විසින් ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරුවලට බලපෑම් කරන ප්‍රධාන ද්‍රව්‍ය පහක් හඳුනාගෙන ඇත. මේවාට නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ නීත්‍යනුකූල බෙහෙත් යන දෙවර්ගයම ඇතුළත් වේ.

1.අයිස් (මෙතැම්ෆෙටමීන්- ICE)

අයිස්(ICE) රිය පැදවීමේ දී අධික ආත්ම විශ්වාසය, මායා, ආක්‍රමණශීලීභාවය සහ දුර්වල තීරණ ගැනීම ඇති කිරීමෙන් බාධා ඇති කරයි. එය නින්ද අඩු කරයි. අවදිව සිටීමේ කාලය දීර්ඝ කරයි.  ක්‍රියාකාරිත්වය දුර්වල කරන අතරම ව්‍යාජ අවදි තත්ත්වයක් ඇති කරයි. ජාතික භයානක ඖෂධ පාලක මණ්ඩලයට (NDDCB 2023) අනුව, ICE යනු මත්ද්‍රව්‍ය බලපෑම යටතේ රිය පැදවීම සම්බන්ධ අත්අඩංගුවට ගැනීම්වල ඉහළම ද්‍රව්‍ය තුන අතර පවතින අතර - කොළඹ, ගාල්ල සහ මාතර වැනි රාත්‍රී ජීවිතය පවතින නාගරික තරුණයින් අතර භාවිතය ඉහළ යයි. “මෙතැම්ෆෙටමීන් මහජන සෞඛ්‍ය ගැටලු‍වක් පමණක් නොව එය මහාමාර්ග අන්තරායක් බවට පත්වෙමින් පවතී”‍ යැයි - NDDCB  අනතුරු අඟවයි. කොළඹදී 2024 මත්ද්‍රව්‍ය-රියැදුරු අත්අඩංගුවට ගැනීම්වලින් සියයට 45ක් (ICE) සම්බන්ධ විය(PNB 2024). එක් ඛේදජනක සිද්ධියක දී දෙහිවල දී බස් නැවතුම්පොළක ගැටුණු අතර, ගර්භණී කාන්තාවක ඇතුළු තිදෙනෙක් මිය ගියහ. පෙර කිසිදු මාර්ග නීති කඩ කර නොතිබූ ඔහු දැඩි රැකියා  ඉල්ලීම් සඳහා මාස හයක් තිස්සේ ICE  භාවිත කර ඇත.

2. කංසා (ගංජා)

කංසා  භාවිතය ප්‍රතික්‍රියා කාලය, තීරණ ගැනීම, සම්බන්ධීකරණය, අවධානය සහ ආකල්ප ආරක්ෂිත රිය පැදවීම සඳහා අත්‍යවශ්‍ය හැකියාවන් දුර්වල කරයි. මෙම තත්ත්වය තිබියදීත්, එය ශ්‍රී ලංකාවේ වඩාත්ම භාවිත කරන නීති විරෝධී මත්ද්‍රව්‍යය ලෙස සැලකේ. 2023 ජාතික මාර්ග ආරක්ෂක සභාව සිදු කළ අධ්‍යයනයකට අනුව මත්ද්‍රව්‍ය-සම්බන්ධ අනතුරු සිද්ධීන්වලින් සියයට 25ක කංසා හමු වූ අතර, WHO  දත්ත වලින් පෙනෙන්නේ පරිභෝජකයින්ට අනතුරු ඇති කිරීමේ ඉඩකඩ දෙගුණයක් බවයි.   

3. හෙරොයින්

හෙරොයින් මගින් නිදිමත ගතිය ඇති කිරීම, මොළයේ ක්‍රියාකාරිත්වය මන්දගාමී කිරීම, අවදි තත්ත්වය අඩු කිරීම, ගැඹුරු දැනීම සහ ප්‍රතිවර්තයන් අඩු කිරීම මගින් රිය පැදවීමට බාධා ඇති කරයි. එමගින් “මයික්‍රෝස්ලීප්ස්”‍ හෙවත් කෙටි, නොවැළැක්විය හැකි නින්දේ ගැලීම් සිදුවිය හැකි අතර, රාත්‍රී දැක්මට බලපෑම් ඇති කරයි. හෙරොයින් භාවිතය දුර ගමන් රියැදුරන් අතර, විශේෂයෙන් ග්‍රාමීය හෝ අර්ධ නාගරික ප්‍රදේශවල ට්‍රක් රථ රියැදුරන් අතර පවතී. 2024 PNB  වාර්තාවක් අනුව අන්තර් දිස්ත්‍රික් මාරක අනතුරු කිහිපයක් හෙරොයින් භාවිතයට සම්බන්ධ වී ඇති අතර, බොහෝ විට මත්පැන් සමඟ සංයෝජනය වී ඇත. 2023 අධ්‍යයනයක් A9 මහාමාර්ගයේ ට්‍රක් රථ රියැදුරන්ගෙන් සියයට 8ක හෙරොයින් ප්‍රතිඵල දක්නට ලැබුණි. එය පුළුල් ලෙස භාවිතා වන බව පෙන්නුම් කරයි. උත්තේජක - සම්බන්ධ අනතුරුවලට වඩා හෙරොයින් සිද්ධීන් බොහෝ විට මාර්ගයේ විචලනය වීම හෝ  තිරිංග වෙත පැය තැබීමට අසමත් වීම මාරාන්තික වේ. 2024 දී, හෙරොයින් භාවිතයට සම්බන්ධ මධ්‍යම අධිවේගී මාර්ගයේ ප්‍රධාන අනතුරු 17ක් නිසා මරණ 23ක් සිදුවිය.

4. ට්‍රැමඩෝල් සහ බෙහෙත් ද්‍රව්‍ය

ට්‍රැමඩෝල් මගින් ව්‍යාකූලතාව, වෙහෙස, දුර්වල චාලක පාලනය සහ මන්දගාමී ප්‍රතික්‍රියා ඇති කිරීම “විශේෂයෙන් මත්පැන් සමග භාවිත කරන විට“රිය පැදවීමට බාධා ඇති කරයි. බොහෝ විට තරුණ රියැදුරන් සහ කම්කරුවන් විසින් ක්ලාන්තයට එරෙහිව සටන් කිරීමට වැරදි ලෙස මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිත කරන අතර, 2023 දී පසුඅනතුරෙන්  සිදු කළ මුත්‍රා පරීක්ෂණවලින්  සියයට12ක ට්‍රැමඩෝල් හමු විය (NCRS) . මහජන දැනුවත්භාවය අඩු වන අතර, බොහෝ දෙනෙක් නීත්‍යනුකූල ඖෂධ රිය පැදවීමට භයානක ලෙස බලපෑ හැකි බව නොදනිති. පාලනය කරන ද්‍රව්‍යයක් ලෙස එහි තත්ත්වය තිබියදීත්, ට්‍රැමඩෝල් තවමත් නිල නොවන මාර්ග හරහා පුළුල් ලෙස ප්‍රවේශ විය හැකිය. 2024 සෞඛ්‍ය අමාත්‍යාංශ විමර්ශනයකට අනුව ඖෂධාලයන්ගෙන් සියයට 30ක් බෙහෙත් වට්ටෝරු බලාත්මක කිරීමට අසමත් වී ඇත. (විශේෂයෙන් සීමිත අධීක්ෂණයක් සහිත ග්‍රාමීය ප්‍රදේශවල).

5. එක්ස්ටසි (MDMA)

එක්ස්ටසි මගින් ප්‍රමුදිත හැඟීම් ඇති කිරීම, අවධානය අඩු කිරීම, දැක්ම විකෘති කිරීම, සහ විනිශ්චය සහ සම්බන්ධීකරණය දුර්වල කිරීම මගින් රිය පැදවීමට බාධා ඇති කරයි. සමාජ ශාලා, ප්‍රසංග සාදවලට යන යෞවනයන් සහ තරුණ වැඩිහිටියන් අතර මෙම ඖෂධය ජනප්‍රියය. එය කොළඹ සහ මාතර (PNB , 2024) පශ්චාත්-පාටි මාරක අනතුරු සමග සම්බන්ධ වේ. විශේෂයෙන් මත්පැන් හෝ නින්ද අඩුවීම සමග සංයෝජනය වූ විට. බොහොමයක් MDMA -සම්බන්ධ අනතුරුවලට වයස 30ට අඩු රියැදුරන් සම්බන්ධ වන අතර, පෙරවරු 1:00-5:00 අතර උච්ච අවස්ථා පවතී. 2020 සිට 2024 දක්වා MDMA -ධනාත්මක අනතුරු සාම්පල වල සියයට 215 ක වර්ධනයක් (ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන මත්ද්‍රව්‍ය-සම්බන්ධ මාර්ග තර්ජනය ලෙස) සලකුණු කරයි (ජාතික විෂ විද්‍යා රසායනාගාරය).

මත්ද්‍රව්‍ය බලපෑම යටතේ සිදුවන අනතුරුවල රටා

ශ්‍රී ලංකාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවන අනතුරුවල වැඩිවීමක් දක්නට ලැබෙන අතර, බොහොමයක් අනතුරු සිදුවන්නේ මධ්‍යම රාත්‍රියේ සිට අලු‍යම දක්වා කාලය තුළ දීය. මේ අනතුරු සාමාන්‍යයෙන් වයස අවුරුදු 18-35 අතර පිරිමි රියැදුරන් සම්බන්ධ වන අතර, පෙරවරු 1 :00-5:00 අතර සිදුවේ. විෂ විද්‍යා වාර්තා  මගින් මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිතය තහවුරු කරයි. 2025 දත්ත තවමත් අපේක්ෂාවෙන් සිටින නමුත්, ප්‍රවණතා පෙන්නුම් කරන්නේ බරපතළකම සහ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බවයි.
2022-2024 අනතුරු දත්තවලින් අවස්ථා තුනක් පෙන්නුම් කරයි:

  • කොළඹ (ගල්කිස්ස, කොල්ලු‍පිටිය, බම්බලපිටිය) වැනි නාගරික ප්‍රදේශ විශේෂයෙන් සති අන්තවල ඉහළ අනතුරු අනුපාතයක් පෙන්නුම් කරයි.
  • සංචාරක කලාප (බෙන්තොට සිට මිරිස්ස දක්වා) අනතුරුවල ඉහළ යාමක් වාර්තා කරන අතර, බොහෝ විට උත්සව පසුබිම් සම්බන්ධ වේ.
  • දක්ෂිණ සහ මධ්‍යම අධිවේගී මාර්ග වැනි අධිවේගී මාර්ගවල 2024 මාරක අනතුරුවලින් සියයට 22 ක් මත්ද්‍රව්‍ය බලපෑමට සම්බන්ධ විය. සෘතුමය ඉහළ යාම් අප්‍රේල් (අලු‍ත් අවුරුද්ද), දෙසැම්බර්-ජනවාරි (නිවාඩු කාලය), සහ පාසල් නිවාඩු කාලවලදී සිදුවන අතර, මෙම කාලවලදී මත්ද්‍රව්‍ය-රියැදුරු අත්අඩංගුවට ගැනීම් සියයට 40 දක්වා ඉහළ යනු දක්නට ලැබේ.

ළමයින් සහ පවුල්: අතුරු විපාකවල වින්දිතයින්

මෙම ගැටලු‍වේ මානව පිරිවැය සැබෑ මත්ද්‍රව්‍ය පරිභෝජකයින් ගෙන් ඔබ්බට පැතිරේ. ජාතික මාර්ග ආරක්ෂක සභාවට (NCRS , 2023) අනුව, 2023 දී ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරුවලින් 250කට වැඩි ළමයින් සංඛ්‍යාවක් මිය ගොස් හෝ බරපතළ තුවාල ලබා ඇත. 
පවුලක කතාවක් - ගම්පහ වයස අවුරුදු 39ක මවක වන කුමාරි වීරසිංහ 2024 සැප්තැම්බර් මාසයේ දී අයිස්(මෙතැම්ෆෙටමීන්) බලපෑම යටතේ සිටි රියැදුරෙකු ඔවුන්ගේ පවුලේ මෝටර් රථයට ඉදිරියෙන් පැදවීම හා  සිදු කළ අනතුර නිසා  නිසා ඇයට සිය සැමියා සහ අවුරුදු 6ක දියණිය අහිමි විය (NDDCB). 

ජීවන රටා  සහ සංස්කෘතික වෙනස්කම් 

මත්ද්‍රව්‍ය බලපෑම යටතේ රිය පැදවීමේ වැඩිවීම ශ්‍රී ලංකාවේ විකාශනය වන නාගරික ජීවන රටාව සමග තදින් සම්බන්ධ වේ. වැඩි වූ රාත්‍රී ජීවිතය, සංගීත උත්සව, සහ තරුණ සමාජශාලා සංස්කෘතියේ නැගී ඒම සියල්ලම මෙහි කොටස් වේ. මෙම වෙනස්කම් ආර්ථික සංවර්ධනය සහ නවීකරණය පිළිබිඹු කරන නමුත් - ඒවා ආමන්ත්‍රණය නොකළ මහජන සෞඛ්‍ය අවදානම් සමග පැමිණේ. කොළඹ, මීගමුව සහ මාතර, - සාද උත්සව සහ සංගීත සංදර්ශන සම්බන්ධ මාර්ග අනතුරුවල සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබේ. 

තරුණ අවදානම් සහ මානසික සෞඛ්‍ය 

මෙම අර්බුදයේ විශේෂයෙන් සැලකිය යුතු මානය නම් මත්ද්‍රව්‍ය භාවිතයට සහ බලපෑමට ලක්ව රිය පැදවීමට ශ්‍රී ලංකාවේ තරුණයින්ගේ අවදානම් බවයි. නාගරීකරණය වේගවත් වන විට සහ සමාජ සම්මතයන් වෙනස් වන විට, තරුණ වැඩිහිටියන් වැඩි වැඩියෙන් සමාජ පීඩනයන්ට, ක්‍රියාකාරිත්වය පිළිබඳ කනස්සල්ල, සහ ආර්ථික අවිනිශ්චිතතාවට නිරාවරණය වේ. මෙම ආතතීන් ප්‍රමාණවත් මානසික සෞඛ්‍ය සහාය හෝ මඟපෙන්වීමේ පද්ධති නොමැති පරිසරයක මත්ද්‍රව්‍ය අත්හදා බැලීම් සහ අනිසි භාවිතය සඳහා සාරවත් බිමක් නිර්මාණය කරයි.

තවද,  සමාජ ජාල වේදිකාවල, සහ සමවයස් කණ්ඩායම්වල මත්ද්‍රව්‍ය භාවිතය සාමාන්‍යකරණය කිරීම පාලනය පිළිබඳ භයානක වැරදි වැටහීමකට දායක වේ. බොහෝ තරුණ රියැදුරන් විශ්වාස කරන්නේ ඔවුන්ට අවදිව සහ අවධානයෙන් සිටින බව හැඟෙන නිසා මත්ද්‍රව්‍ය“විශේෂයෙන් උත්තේජක”මත රිය පැදවීම “හසුරුවා ගත හැකි”‍ බවයි. 

මෙම අධික ආත්ම විශ්වාසය තරුණ මොළවල අඩුවෙන් වර්ධනය වූ අවදානම් තක්සේරු හැකියාවන් සමග, රිය පැදවීමේදී මාරක සංයෝජනයක් සාදයි.

මෙම මූලික ගැටලු‍වට පිළියම් සෙවීමට - විශේෂඥයින් ජාතික තරුණ සංවර්ධන උපාය මාර්ගවලට මානසික සෞඛ්‍ය අධ්‍යාපනය, මත්ද්‍රව්‍ය දැනුවත්භාවය, සහ චිත්තවේගීය ස්ථිතිස්ථභාව පුහුණුව ඒකාබද්ධ කිරීමට නිර්දේශ කරයි. 

ශ්‍රී ලංකාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු​ෙවන අනතුරුවල වැඩිවීමක් දක්නට ලැබෙන අතර, බොහොමයක් අනතුරු සිදු​ෙවන්නේ මධ්‍යම රාත්‍රියේ සිට අලු‍යම දක්වා කාලය තුළ දීය. මේ අනතුරු සාමාන්‍යයෙන් වයස අවුරුදු 18-35 අතර පිරිමි රියදුරන් සම්බන්ධ ​ෙවන අතර, පෙරවරු 1 :00-5:00 අතර සිදුවේ. විෂ විද්‍යා වාර්තා  මගින් මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිතය තහවුරු කරයි. 2025 දත්ත තවමත් අපේක්ෂාවෙන් සිටින නමුත්, ප්‍රවණතා පෙන්නුම් කරන්නේ බරපතළකම සහ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බවයි.

ප්‍රමාණවත් නොවන පරීක්ෂණ සහ දුර්වල නීති 

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂක යටිතල පහසුකම්වල ඇති වඩාත්ම තීරණාත්මක අඩුපාඩු වලින් එකක් නම් සම්මත මාර්ගබද මත්ද්‍රව්‍ය පරීක්ෂණයක් නොමැතිකමයි. ඕස්ට්‍රේලියාව හෝ එක්සත් රාජධානිය වැනි රටවල් “ලවණ ග්‍රන්ථි (කෙළ) පරීක්ෂණ” ස්ථානීයව සිදුකරයි. ශ්‍රී ලංකාව සාමාන්‍යයෙන් බරපතළ අනතුරුවලින් පසුව පමණක් පරීක්ෂා කරයි.

මෙයින් අදහස් කරන්නේ:

බොහෝ බලපෑමට ලක් වූ රියැදුරන් අනාවරණය නොවී සිටීම

වැළැක්වීමේ නීති බලාත්මක කිරීම සාක්ෂාත් කර ගැනීම පාහේ අසීරු වීම

නිල සංඛ්‍යාලේඛන මත්ද්‍රව්‍ය සම්බන්ධතාවය නොසලකා හැරීමේ ඉඩකඩ වැඩිවීම ප්‍රතිඵලය නම් ජාතික මාර්ග ආරක්ෂාව කළමනාකරණයේ දුර්වල හිඩසක් වන අතර, මත්ද්‍රව්‍ය බලපෑම යටතේ රියැදුරන්ට තවදුරටත් රථ වහන ධාවනය කිරීමට ඉඩ සැලසේ.

තාක්ෂණික සහ නීතිමය සීමාවන්

ශ්‍රී ලාංකික රථවාහන පොලිසියට මත්ද්‍රව්‍ය බලපෑම යටතේ රිය පැදවීමට එරෙහිව පරීක්ෂණ කිරීමට උපකරණ සහ නීතිමය රාමුව යන දෙකම අඩුපාඩු සහිතය. වත්මන් ක්‍රියාවලිය අනුව මත්ද්‍රව්‍ය බලපෑම යටතේ ඇතැයි සැක කරන රියදුරන් රුධිර හෝ මුත්‍රා පරීක්ෂණ සඳහා රෝහල් වෙත ප්‍රවාහනය කිරීම අවශ්‍ය වේ . පොලිසිය සහ වෛද්‍ය සම්පත් යන දෙකටම බරක් වන කාලය වැය වන ක්‍රියාවලියකි. 

සම්පත් සීමාවන්

අයවැය සීමාවන් නවීන නීති බලාත්මක කිරීමේ තාක්ෂණය අනුගමනය කිරීමට බාධා ඇති කර ඇත. 2023 දී  කොළඹ මාර්ගබද මත්ද්‍රව්‍ය පරීක්ෂණ ඒකක දහයක් හඳුන්වා දුන් නමුත්, අරමුදල් සීමාවන් නිසා මෙම මුලපිරීම අත්හිටුවන ලදී.
විසඳුම් සඳහා  උත්සාහය 

ශ්‍රී ලංකාවට මෙම නිහඬ මාර්ග අනතුරු අර්ථවත් ලෙස ආමන්ත්‍රණය කිරීමට නම්, සම්බන්ධීකරණය කළ ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය වේ. පහත සඳහන් වන්නේ විශේෂඥයින් නිර්දේශ කරන සවිස්තරාත්මක පියවරයන්ය:

1. ස්ථානීය මත්ද්‍රව්‍ය පරීක්ෂණ හඳුන්වාදීම
2. දැඩි දඬුවම් සහ නීති ප්‍රතිසංස්කරණ
3. අධ්‍යාපන සහ දැනුවත් කිරීමේ ව්‍යාපාර
4. බෙහෙත් ද්‍රව්‍ය අලෙවිය අධීක්ෂණය කිරීම
5. විකල්ප ප්‍රවාහන මාධ්‍යයන් හඳුන්වා දීම
6. පර්‌යේෂණ සහ නිරීක්ෂණය සෑම පියවරක් සඳහාම ජාතික පරීක්ෂණ ඒකක  හඳුන්වා දීම.

නිගමනය

මත්ද්‍රව්‍ය බලපෑම යටතේ රිය පැදවීම සම්බන්ධයෙන් මෑතකදී විශේෂ අවධානය ලබා ඇති නමුත්, මත්පැන් තවමත් ශ්‍රී ලංකාවේ මාර්ගවල ඇති ප්‍රධානතම තර්ජනය වේ. මත්ද්‍රව්‍ය බලපෑම යටතේ රිය පැදවීම නිසා අහිමි වන සෑම ජීවිතයක්ම වළක්වාගත හැකි ඛේදවාචකයකි. සංඛ්‍යාලේඛන පිටුපස බිඳ වැටුණු පවුල්, අහිමි වූ අනාගතයන්, සහිත ප්‍රජාවෝ සිටිති. 

2023 දී NDDCB  සඳහන් කළ පරිදි, “දැන් මත්ද්‍රව්‍ය පරිභෝජකයන්ට පමණක් හානි නොකරයි.ඒවා දැන් මාර්ගය බෙදා ගන්නා සෑම ගමන්කරුවෙකුටම අනතුරක් බවට පත්ව ඇත.”‍ 

මෙම අර්බුදයට පිළියම් යෙදීම සඳහා ප්‍රතිපත්ති වෙනස්කම් පමණක් නොව සංස්කෘතික වෙනස්කම් ද අවශ්‍ය වේ.