බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි


 

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම් හා අකුණු ගැසීම් ද සුලභය. එසේම අකුණු ගැසීම් නිසා සිදුවන පුද්ගල මරණ හා දේපළ හානි ගැනද නිරන්තරයෙන් තොරතුරු අසන්නට ලැබෙයි. විදුලිය කෙටීම් හා අකුණු ගැසීම් ගැන අප අසා තිබුණත් දැක තිබුණත් බොහෝවිට ඒවා සිදුවන විද්‍යාත්මක ක්‍රියාවලිය ගැන නොදැනුම්වත්ය. නැතිනම් ඒ ගැන සෙවීමට උනන්දුවක් දක්වන්නේ නැත. එනිසා අපි ඒ ගැනත් අකුණු ගැසීම්වලින් ආරක්ෂා විය හැකි ක්‍රම ගැනත් විමසමින් භූගෝල විද්‍යා විෂය පිළිබඳ ප්‍රාමාණික විද්වතකු වන මහාචාර්ය ඩබ්ලිව්.එන්. විල්සන් මහතාගෙන් ඒ ගැන විමසුවෙමු. මේ එහි සටහනයි.   


සාමාන්‍ය ව්‍යවහාරයේ බක්මහ අකුණු ලෙස හැඳින්වෙන්නේ බක් මාසයේදී එනම් අප්‍රේල් මාසයේදී සිදුවන අකුණු ගැසීම්වලටය. නමුත් දේශගුණ විද්‍යාව අනුව එය හැඳින්වෙන්නේ සංවහන අකුණු කුණාටු වශයෙනි. සංවහනය වීම යන්නෙහි අර්ථය නම් සූර්යාලෝකය පොළොවට පතිත වීම නිසා පොළොව හොඳින් උණුසුම් වීමත් එම රත් වූ වායුව ඉහළට ගමන් කිරීමත්ය. එලෙස වායුව ඉහළ යන විට පොළොව ආශ්‍රිත පහළ වායුගෝලය සිසිල් වෙයි. පීඩනය අඩුවෙයි. සාමාන්‍ය වායුගෝලීය ක්‍රියාවලිය අනුව එම අවපීඩනය පිරවිය යුතුය. අප්‍රේල් කාලයේදී වැඩි සූර්යාලෝකයක් පතිත වෙයි. විශේෂයෙන්ම කොළඹට සූර්යයා මුදුන්වන්නේ අප්‍රේල් මස පස්වැනි දිනයේදීය. එම නිසා ගොඩබිම උණුසුම් වී වායුව ඉහළට ගමන් කරයි. එවිට ගොඩබිම වායුගෝලීය පීඩනය අඩු වෙයි. නමුත් රට වටා තිබෙන සාගරයේ පීඩනය වැඩිය. සාමාන්‍ය වායුගෝලීය ක්‍රියාවලිය අනුව එසේ ගොඩබිමේ පීඩනය අඩු වූ විට එය පිරවිය යුතුය. ගොඩබිමේ අඩු පීඩනයත් මහමුහුදේ වැඩි පීඩනයත් නිසා ඒ දෙක අතර වෙනසක් පවතියි. එසේම හවස් කාලය වෙන විට සාගරයේ ඇති වායුගෝලීය වැඩි පීඩනය ගොඩබිම දෙසට පැමිණෙයි. ඒත් සමගම සිදුවෙන දෙයක් නම් වෙරළාසන්න කලාපයේ සිට මධ්‍ය කඳුකරය දක්වා සුළං රට ඇතුළට පැමිණීමත් ඊට ජල වාෂ්ප එක්වීමෙන් වැහි වලාකුළු නිර්මාණය වීමත්ය. සාමාන්‍යයෙන් එම ක්‍රියාවලිය සිදුවෙන්නේ මධ්‍යහ්න 12 න් පමණ පසුය. සවස දෙක තුන පමණ වන විට ජලවාෂ්ප සංතෘප්ත වීමෙන් වලාකුළු හොඳින් වර්ධනය වීම සිදු වෙයි. සවස හතරෙන් පමණ පසු වර්ෂාව ඇදහැළෙයි. එම වලාකුළු තල්ලු වී ගොස් මධ්‍ය කඳුකරයෙහි හැපීම හේතු කොටගෙන එහි බටහිර බෑවුම් පෙදෙසට තදින් වර්ෂාපතනය වීම සිදු වෙයි. එම වැහි බක්මහ වැහි නැතිනම් සංවහන වර්ෂා යනුවෙන් හැඳින්වෙයි.   


සංවහන වර්ෂාපතනයන් ඔක්තොබර් නොවැම්බර් මාසවලදීද ඇති වුවත් එම ක්‍රියාවලිය සිදුවෙන්නේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයේය. එනම් ඊසාන දිග මෝසම් කාලයේය. සංවහන වැහි කාලයේදී වැඩියෙන් අකුණු ගැසීම් ද සිදු වෙයි. දහවල් කාලයේ පවතින උෂ්ණත්වය හේතුවෙන් මේ කාලයේදී වැහි වලාකුළු ඉතා ඉක්මනින් වර්ධනය වන අතර ඒවායෙහි විද්‍යුත් ආරෝපණයක් ඇති වෙයි. එනම් ජලවාෂ්පත් සමග පැමිණෙන ජල බිංදු උෂ්ණත්වය සමග ගැටීමෙන් ධන (+) හා ඍණ (-) වශයෙන් විද්‍යුත් ආරෝපණයක් හටගනියි. එය පිහිටන්නේ පහළ මට්ටමේ වලාකුළුවල ධන ආරෝපණයත් ඉහළ වලාකුළුවල ඍණ ආරා්පණයත් වශයෙනි. එහිදී පහළ ජලවාෂ්ප එනම් ධන ඉහළටත් ඉහළ ජලවාෂ්ප එනම් සෘණ ජලවාෂ්ප පහළටත් ගමන් කිරීමෙන් ඇති වන ඝට්ටනයෙන් විදුලි කෙටීම් ඇති වෙයි. විදුලි කෙටීම යනු විද්‍යුත් ආරෝපණයකි. විද්‍යුත් ක්‍රියාවලියකි. ධන හා ඍණ ආරෝපණ එකට එකතු වීමේදී පිපිරීමට ලක් වෙයි.   


එම ක්‍රියාවලිය වැඩි වශයෙන් සිදුවන්නේ අප්‍රේල්, මැයි කාලවලදී ඇතිවන සංවහන වර්ෂා සමයේය. ඊට හේතුව නම් එම කාලයේදී පොළොවේ උෂ්ණත්වය ඉහළ අගයක් ගැනීමය. ඊට සාපේක්ෂව සාගරයේ උෂ්ණත්වය අඩුය. මෙම වැඩි පීඩනය හා අඩු පීඩනය වලාකුළුවලදී එකට ගැටීමෙන් සිදුවන විද්‍යුත් ක්‍රියාවලියක් ඔස්සේ අකුණු ගැසීම් සිදුවෙයි. මෙලෙස සංවහන වර්ෂා සමයේදී අකුණු ගැසීම් අනාදිමත් කාලයක සිට සිදුවෙයි. 
කලින් සඳහන් කළ පරිදි මුලින්ම සිදුවෙන්නේ විදුලි කෙටීමය. එනම් ධන හා ඍණ ආරෝපණ වලාකුළුවලදී එකට ගැටීමෙනි. එය විද්‍යුත් ක්‍රියාවලියකි. එම ක්‍රියාවලිය බලවත් වන විට ඒවා පුපුරා යයි. ජලවාෂ්පවල අන්තර්ගත “අයන අණු” විද්‍යුත් ආරෝපණය අනුව විදුලි ආලෝකයක් නිපදවයි. ඒවායෙහි වෝල්ටීයතාව 10000 සිට 40000 දක්වා වැඩි වෙන අවස්ථාද තිබෙයි. වලාකුළු හොඳින් වර්ධනය වන්නේ නම් විද්‍යුත් අරෝපණයද වැඩිය. කුඩා වලාකුළක සිදුවන විද්‍යුත් ආරෝපණ ක්‍රියාවලිය අඩුය. එසේම එවැනි කුඩා වලාකුළක් හේතුවෙන් වර්ෂාව හට නොගන්නා අතර විදුලි කෙටීම් පමණක් සිදු වෙයි.   


අප්‍රේල් මාසයේ ඇතිවෙන සංවහන වැසි සමග විදුලි කෙටීම් හා අකුණු ගැසීම් සිදුවෙයි. වලාකුළුවල විශාල විද්‍යුත් ආරෝපණ ඇති වුවහොත් එම විද්‍යුත් ආරෝපණ භූගත වීම සිදු වෙයි. එකී ක්‍රියාවලියද සොබාදහමේම කොටසකි. විද්‍යුත් ආරෝපණ අහසේ තබා ගත නොහැකි අතර ඒවා පුපුරා පොළවට පැමිණ භූගත වීම සිදුවන්නේ ඒ නිසාය. එම විද්‍යුත් ආරෝපණ වායුගෝලයේ හිස් අවකාශය දිගේ පැමිණ පොළොව සමීපයේදී කුමන හෝ ආධාරකයක් හරහා භූගත වීම සිදු වෙයි. ආධාරකයක් නැතිව වුවද ඒවා භූගත වීම සිදු වෙයි. එළිමහන් ප්‍රදේශයේදී එම විද්‍යුත් ආරෝපණ ගස් කොළන් මේ ආදී විවිධ ආධාරකයන් ඔස්සේ භූගත වීම සිදු විය හැකිය.

 


මිනිසුන් හරහාද එය සිදුවිය හැකි බව අමතක නොකළ යුතුය. එසේ ඉහළ සිට පැමිණෙන විද්‍යුත් ආරෝපණ කුමන හෝ ආධාරකයක් හරහා භූගත වීමේදී හතළිස්දාහක පමණ අධි වෝල්ටීයතාවකින් යුතු වන නිසා එයට හසුවන ආධාරකය විනාශ වීම සිදු වෙයි. පිට්ටනියක හෝ වෙනත් එළිමහන් සථානයක ගමන් ගන්නා පුද්ගලයකු හරහා විද්‍යුත් ආරෝපණ ගමන් කරන අවස්ථාවක් අපි සාමාන්‍යයෙන් මිනිසෙකුට අකුණු වැදුණු අවස්ථාවක් ලෙස හඳුන්වමු. කිතුල් හා පොල් ගස්වල ගොබ එලෙස විද්‍යුත් ආරෝපණ භූගත වීම සිදුවන සුලභ ආධාරකයන්ය. කුඩවල නන හා වෙනත් යකඩ ද්‍රව්‍ය හරහාද එම ක්‍රියාවලිය සිදුවෙයි.   


මෙවැනි අකුණු ගැසීම්වලින් ආරක්ෂා වීමට ගත හැකි ක්‍රියාමාර්ග විමසා බැලීමද වැදගත්ය. නිවාස ඉදිකිරීමේදී අහසේ සිට පැමිණෙන විද්‍යුත් ධාරාවලින් ආරක්ෂා වීම සඳහා අකුණු සන්නායන රැහැන් සවි කරන බව අපි දනිමු. නිවෙස්වල ඇති රූපවාහිනී යන්ත්‍ර, ශීතකරණ වැනි විද්‍යුත් උපකරණ ක්‍රියාත්මක කර තිබුණ හොත් විද්‍යුත් ධාරා පළමුව පැමිණෙන්නේ ඒවා සම්බන්ධ කර ඇති විදුලි පේනුවලටය. හතළිස්දාහක පමණ වෝල්ටීයතාවකින් යුත් විද්‍යුත් ධාරාවලට හසුවන විදුලි උපකරණ විනාශ වී යෑම වැළැක්විය නොහැකිය. අකුණු සන්නායක රැහැන් සවි කිරීම හරහා අකුණුවලින් නිවාස මෙන්ම විද්‍යුත් උපකරණද ආරක්ෂා කර ගත හැකිය. විද්‍යුත් ආරෝපණ එම අකුණු සන්නායක රැහැන් හරහා පො​ෙළාවට ගමන් කර භූගත වීම සිදු වෙයි. තට්ටු නිවාසවල එවැනි අකුණු සන්නායක රැහැන් සවි කිරීම අත්‍යවශ්‍යය. එවැනි රැහැන් සවි නොකළ නිවාසවලට අකුණු ඇදී යෑමේ වැඩි ඉඩක් පවතියි.   


අකුණු ගසමින් වසින අවස්ථාවල ඇළ දොළ හා ගංගා වැනි ජලය සහිත ස්ථානවල සිටීමෙන් අකුණුසර වැදීමේ ඉහළ අවදානමක් පවතින බව සත්‍යයකි. ගංගා හා තෙතමනය සහිත ස්ථානවල විද්‍යුත් ආරෝපණය වැඩිය. ජලයේ තිබෙන්නේ සෘණ විද්‍යුත් ආරෝපණය. එනිසා ජලයට අකුණුසර ඇදීමේ සම්භාවිතාව වැඩිය. ශරීරය තෙතව තබාගෙන විදුලිය ගමන් කරන වයර් ස්පර්ශ නොකරන ලෙස පොදුවේ උපදෙස් දෙන්නේද එනිසාය. රබර් පාවහන් පැලඳගෙන විදුලි කර්මාන්ත කටයුතු කළ යුතු යැයි කියන්නේද එවැනි අවස්ථාවල ශරීරයෙහි ජලය ස්පර්ශ වී තිබුණද විදුලිය රබර් පාවහන් හරහා පොළොවට ගමන් නොකරන නිසාය.සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම් හා අකුණු ගැසීම් ද සුලභය. එසේම අකුණු ගැසීම් නිසා සිදුවන පුද්ගල මරණ හා දේපළ හානි ගැනද නිරන්තරයෙන් තොරතුරු අසන්නට ලැබෙයි. විදුලිය කෙටීම් හා අකුණු ගැසීම් ගැන අප අසා තිබුණත් දැක තිබුණත් බොහෝවිට ඒවා සිදුවන විද්‍යාත්මක ක්‍රියාවලිය ගැන නොදැනුම්වත්ය. නැතිනම් ඒ ගැන සෙවීමට උනන්දුවක් දක්වන්නේ නැත. එනිසා අපි ඒ ගැනත් අකුණු ගැසීම්වලින් ආරක්ෂා විය හැකි ක්‍රම ගැනත් විමසමින් භූගෝල විද්‍යා විෂය පිළිබඳ ප්‍රාමාණික විද්වතකු වන මහාචාර්ය ඩබ්ලිව්.එන්. විල්සන් මහතාගෙන් ඒ ගැන විමසුවෙමු. මේ එහි සටහනයි.   
සාමාන්‍ය ව්‍යවහාරයේ බක්මහ අකුණු ලෙස හැඳින්වෙන්නේ බක් මාසයේදී එනම් අප්‍රේල් මාසයේදී සිදුවන අකුණු ගැසීම්වලටය. නමුත් දේශගුණ විද්‍යාව අනුව එය හැඳින්වෙන්නේ සංවහන අකුණු කුණාටු වශයෙනි. සංවහනය වීම යන්නෙහි අර්ථය නම් සූර්යාලෝකය පොළොවට පතිත වීම නිසා පොළොව හොඳින් උණුසුම් වීමත් එම රත් වූ වායුව ඉහළට ගමන් කිරීමත්ය. එලෙස වායුව ඉහළ යන විට පොළොව ආශ්‍රිත පහළ වායුගෝලය සිසිල් වෙයි. පීඩනය අඩුවෙයි. සාමාන්‍ය වායුගෝලීය ක්‍රියාවලිය අනුව එම අවපීඩනය පිරවිය යුතුය. අප්‍රේල් කාලයේදී වැඩි සූර්යාලෝකයක් පතිත වෙයි. විශේෂයෙන්ම කොළඹට සූර්යයා මුදුන්වන්නේ අප්‍රේල් මස පස්වැනි දිනයේදීය. එම නිසා ගොඩබිම උණුසුම් වී වායුව ඉහළට ගමන් කරයි. එවිට ගොඩබිම වායුගෝලීය පීඩනය අඩු වෙයි. නමුත් රට වටා තිබෙන සාගරයේ පීඩනය වැඩිය. සාමාන්‍ය වායුගෝලීය ක්‍රියාවලිය අනුව එසේ ගොඩබිමේ පීඩනය අඩු වූ විට එය පිරවිය යුතුය. ගොඩබිමේ අඩු පීඩනයත් මහමුහුදේ වැඩි පීඩනයත් නිසා ඒ දෙක අතර වෙනසක් පවතියි. එසේම හවස් කාලය වෙන විට සාගරයේ ඇති වායුගෝලීය වැඩි පීඩනය ගොඩබිම දෙසට පැමිණෙයි. ඒත් සමගම සිදුවෙන දෙයක් නම් වෙරළාසන්න කලාපයේ සිට මධ්‍ය කඳුකරය දක්වා සුළං රට ඇතුළට පැමිණීමත් ඊට ජල වාෂ්ප එක්වීමෙන් වැහි වලාකුළු නිර්මාණය වීමත්ය. සාමාන්‍යයෙන් එම ක්‍රියාවලිය සිදුවෙන්නේ මධ්‍යහ්න 12 න් පමණ පසුය. සවස දෙක තුන පමණ වන විට ජලවාෂ්ප සංතෘප්ත වීමෙන් වලාකුළු හොඳින් වර්ධනය වීම සිදු වෙයි. සවස හතරෙන් පමණ පසු වර්ෂාව ඇදහැළෙයි. එම වලාකුළු තල්ලු වී ගොස් මධ්‍ය කඳුකරයෙහි හැපීම හේතු කොටගෙන එහි බටහිර බෑවුම් පෙදෙසට තදින් වර්ෂාපතනය වීම සිදු වෙයි. එම වැහි බක්මහ වැහි නැතිනම් සංවහන වර්ෂා යනුවෙන් හැඳින්වෙයි.   


සංවහන වර්ෂාපතනයන් ඔක්තොබර් නොවැම්බර් මාසවලදීද ඇති වුවත් එම ක්‍රියාවලිය සිදුවෙන්නේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයේය. එනම් ඊසාන දිග මෝසම් කාලයේය. සංවහන වැහි කාලයේදී වැඩියෙන් අකුණු ගැසීම් ද සිදු වෙයි. දහවල් කාලයේ පවතින උෂ්ණත්වය හේතුවෙන් මේ කාලයේදී වැහි වලාකුළු ඉතා ඉක්මනින් වර්ධනය වන අතර ඒවායෙහි විද්‍යුත් ආරෝපණයක් ඇති වෙයි. එනම් ජලවාෂ්පත් සමග පැමිණෙන ජල බිංදු උෂ්ණත්වය සමග ගැටීමෙන් ධන (+) හා ඍණ (-) වශයෙන් විද්‍යුත් ආරෝපණයක් හටගනියි. එය පිහිටන්නේ පහළ මට්ටමේ වලාකුළුවල ධන ආරෝපණයත් ඉහළ වලාකුළුවල ඍණ ආරා්පණයත් වශයෙනි. එහිදී පහළ ජලවාෂ්ප එනම් ධන ඉහළටත් ඉහළ ජලවාෂ්ප එනම් සෘණ ජලවාෂ්ප පහළටත් ගමන් කිරීමෙන් ඇති වන ඝට්ටනයෙන් විදුලි කෙටීම් ඇති වෙයි. විදුලි කෙටීම යනු විද්‍යුත් ආරෝපණයකි. විද්‍යුත් ක්‍රියාවලියකි. ධන හා ඍණ ආරෝපණ එකට එකතු වීමේදී පිපිරීමට ලක් වෙයි.   


එම ක්‍රියාවලිය වැඩි වශයෙන් සිදුවන්නේ අප්‍රේල්, මැයි කාලවලදී ඇතිවන සංවහන වර්ෂා සමයේය. ඊට හේතුව නම් එම කාලයේදී පොළොවේ උෂ්ණත්වය ඉහළ අගයක් ගැනීමය. ඊට සාපේක්ෂව සාගරයේ උෂ්ණත්වය අඩුය. මෙම වැඩි පීඩනය හා අඩු පීඩනය වලාකුළුවලදී එකට ගැටීමෙන් සිදුවන විද්‍යුත් ක්‍රියාවලියක් ඔස්සේ අකුණු ගැසීම් සිදුවෙයි. මෙලෙස සංවහන වර්ෂා සමයේදී අකුණු ගැසීම් අනාදිමත් කාලයක සිට සිදුවෙයි. 
කලින් සඳහන් කළ පරිදි මුලින්ම සිදුවෙන්නේ විදුලි කෙටීමය. එනම් ධන හා ඍණ ආරෝපණ වලාකුළුවලදී එකට ගැටීමෙනි. එය විද්‍යුත් ක්‍රියාවලියකි. එම ක්‍රියාවලිය බලවත් වන විට ඒවා පුපුරා යයි. ජලවාෂ්පවල අන්තර්ගත “අයන අණු” විද්‍යුත් ආරෝපණය අනුව විදුලි ආලෝකයක් නිපදවයි. ඒවායෙහි වෝල්ටීයතාව 10000 සිට 40000 දක්වා වැඩි වෙන අවස්ථාද තිබෙයි. වලාකුළු හොඳින් වර්ධනය වන්නේ නම් විද්‍යුත් අරෝපණයද වැඩිය. කුඩා වලාකුළක සිදුවන විද්‍යුත් ආරෝපණ ක්‍රියාවලිය අඩුය. එසේම එවැනි කුඩා වලාකුළක් හේතුවෙන් වර්ෂාව හට නොගන්නා අතර විදුලි කෙටීම් පමණක් සිදු වෙයි.   


අප්‍රේල් මාසයේ ඇතිවෙන සංවහන වැසි සමග විදුලි කෙටීම් හා අකුණු ගැසීම් සිදුවෙයි. වලාකුළුවල විශාල විද්‍යුත් ආරෝපණ ඇති වුවහොත් එම විද්‍යුත් ආරෝපණ භූගත වීම සිදු වෙයි. එකී ක්‍රියාවලියද සොබාදහමේම කොටසකි. විද්‍යුත් ආරෝපණ අහසේ තබා ගත නොහැකි අතර ඒවා පුපුරා පොළවට පැමිණ භූගත වීම සිදුවන්නේ ඒ නිසාය. එම විද්‍යුත් ආරෝපණ වායුගෝලයේ හිස් අවකාශය දිගේ පැමිණ පොළොව සමීපයේදී කුමන හෝ ආධාරකයක් හරහා භූගත වීම සිදු වෙයි. ආධාරකයක් නැතිව වුවද ඒවා භූගත වීම සිදු වෙයි. එළිමහන් ප්‍රදේශයේදී එම විද්‍යුත් ආරෝපණ ගස් කොළන් මේ ආදී විවිධ ආධාරකයන් ඔස්සේ භූගත වීම සිදු විය හැකිය.


මිනිසුන් හරහාද එය සිදුවිය හැකි බව අමතක නොකළ යුතුය. එසේ ඉහළ සිට පැමිණෙන විද්‍යුත් ආරෝපණ කුමන හෝ ආධාරකයක් හරහා භූගත වීමේදී හතළිස්දාහක පමණ අධි වෝල්ටීයතාවකින් යුතු වන නිසා එයට හසුවන ආධාරකය විනාශ වීම සිදු වෙයි. පිට්ටනියක හෝ වෙනත් එළිමහන් සථානයක ගමන් ගන්නා පුද්ගලයකු හරහා විද්‍යුත් ආරෝපණ ගමන් කරන අවස්ථාවක් අපි සාමාන්‍යයෙන් මිනිසෙකුට අකුණු වැදුණු අවස්ථාවක් ලෙස හඳුන්වමු. කිතුල් හා පොල් ගස්වල ගොබ එලෙස විද්‍යුත් ආරෝපණ භූගත වීම සිදුවන සුලභ ආධාරකයන්ය. කුඩවල නන හා වෙනත් යකඩ ද්‍රව්‍ය හරහාද එම ක්‍රියාවලිය සිදුවෙයි.   


මෙවැනි අකුණු ගැසීම්වලින් ආරක්ෂා වීමට ගත හැකි ක්‍රියාමාර්ග විමසා බැලීමද වැදගත්ය. නිවාස ඉදිකිරීමේදී අහසේ සිට පැමිණෙන විද්‍යුත් ධාරාවලින් ආරක්ෂා වීම සඳහා අකුණු සන්නායන රැහැන් සවි කරන බව අපි දනිමු. නිවෙස්වල ඇති රූපවාහිනී යන්ත්‍ර, ශීතකරණ වැනි විද්‍යුත් උපකරණ ක්‍රියාත්මක කර තිබුණ හොත් විද්‍යුත් ධාරා පළමුව පැමිණෙන්නේ ඒවා සම්බන්ධ කර ඇති විදුලි පේනුවලටය. හතළිස්දාහක පමණ වෝල්ටීයතාවකින් යුත් විද්‍යුත් ධාරාවලට හසුවන විදුලි උපකරණ විනාශ වී යෑම වැළැක්විය නොහැකිය. අකුණු සන්නායක රැහැන් සවි කිරීම හරහා අකුණුවලින් නිවාස මෙන්ම විද්‍යුත් උපකරණද ආරක්ෂා කර ගත හැකිය. විද්‍යුත් ආරෝපණ එම අකුණු සන්නායක රැහැන් හරහා පො​ෙළාවට ගමන් කර භූගත වීම සිදු වෙයි. තට්ටු නිවාසවල එවැනි අකුණු සන්නායක රැහැන් සවි කිරීම අත්‍යවශ්‍යය. එවැනි රැහැන් සවි නොකළ නිවාසවලට අකුණු ඇදී යෑමේ වැඩි ඉඩක් පවතියි.   


අකුණු ගසමින් වසින අවස්ථාවල ඇළ දොළ හා ගංගා වැනි ජලය සහිත ස්ථානවල සිටීමෙන් අකුණුසර වැදීමේ ඉහළ අවදානමක් පවතින බව සත්‍යයකි. ගංගා හා තෙතමනය සහිත ස්ථානවල විද්‍යුත් ආරෝපණය වැඩිය. ජලයේ තිබෙන්නේ සෘණ විද්‍යුත් ආරෝපණය. එනිසා ජලයට අකුණුසර ඇදීමේ සම්භාවිතාව වැඩිය. ශරීරය තෙතව තබාගෙන විදුලිය ගමන් කරන වයර් ස්පර්ශ නොකරන ලෙස පොදුවේ උපදෙස් දෙන්නේද එනිසාය. රබර් පාවහන් පැලඳගෙන විදුලි කර්මාන්ත කටයුතු කළ යුතු යැයි කියන්නේද එවැනි අවස්ථාවල ශරීරයෙහි ජලය ස්පර්ශ වී තිබුණද විදුලිය රබර් පාවහන් හරහා පොළොවට ගමන් නොකරන නිසාය.

 

සටහන : උපුල් වික්‍රමසිංහ