
පුනර්භව පර්‌යේෂණවලදී හමුවූ ඇතැම් දරුවෝ පෙර භවයේදී විදේශවල ජීවත් වූ බැව් අනාවරණය කළහ. ශ්‍රී ලංකාවේ දරුවන් කිහිප දෙනකු ඔවුන් ජීවත්ව සිටි රටවල් අතර ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ ලෙබනනය ද ඇතුළත් වී තිබේ. එම දරුවෝ විදේශ භාෂාවල වචන උච්චාරණය කිරීම සහ ඔවුන්ගේ ගති සිරිත් ද ඉදිරිපත් කරනු ලැබුවේ ඉතා කුඩා අවධියේ සිටය.
විදේශයක් පිළිබඳව මතක සටහන් ඉදිරිපත් කළ ප්‍රථම දරුවා උපත ලැබුවේ කෝට්ට ප්‍රදේශයේදීය. රන්ජිත් නම් එම දරුවා වයස අවුරුදු දෙකේ පමණ සිට ඔහුගේ හැසිරීම් රටාව අන් දරුවන්ට වඩා වෙනස් බවක් දෙමවුපියන්ට දක්නට ලැබිණ. අන් දරුවන් මව සහ පියාට අමතනු ලැබුවේ ශ්‍රී ලංකාවේ සිංහල ක්‍රමයට අම්මා තාත්තා යනුවෙනි. එහෙත් කුඩා රංජිත් පියාට ඩැඩී යනුවෙන් ඇමතීමත් මවට මමී යනුවෙන් ඇමතීම ආරම්භ කිරීම දෙමවුපියන්ගේ මවිතයට හේතු විය.
ඒ සමඟම ඔහු තුළින් දක්නට ලැබුණු ප්‍රධානතම වෙනස් හැසිරීම් රටාව වූයේ ආහාර ගැනීමේදී ඔහු භාවිත කළ ක්‍රමවේදය විය. ඒ ඔහු පාන් කෑමට මහත් රුචියක් දැක්වූ අතර බත් අනුභව කිරීමට කැමැත්තක් නොදැක්වීමය. විශේෂයෙන් පාන් වැනි ද්‍රව්‍යයක් ආහාරයට ගැනීමේදී එය අතින් ඇල්ලීමේදී ඇඟිලි දෙකකින් පමණ එය අල්ලා ගැනීමද ඔහුගේ සිරිත විය. ඒ සමගම තවත් ප්‍රධානතම වෙනස් හැසිරීමක් වූයේ ආහාර ගැනීමට හැඳි ගෑරුප්පු ඉල්ලා සිටීමය.
මේ අයුරින් තම පුත්‍රයාගේ හැසිරීම් රටාව තුළින් දක්නට ලැබෙන වෙනස් ගති සිරිත් නිසා දෙමවුපියෝ ඔහු පිළිබඳව දැඩි අවධානයක් යොමු කළහ. වයස අවුරුදු තුනක් පමණ වියේදී දිනක් රංජිත් කළ ප්‍රකාශයක් පියාට අසන්නට ලැබිණි. ඔහු පැවසුවේ මව පියා සහ සොයුරත් ඔහුගේ නොවන බවය. “ඔයගොල්ලො මගේ නෙවෙයි, මගේ අම්මා තාත්තා සහ අනෙක් අය ඉන්නේ එංගලන්තයේ” යනුවෙනි.
මගේ අම්මා මට එහෙදි කතා කරන්නේ ඩාලිං යනුවෙන් බවද පැවසූ දරුවා දිනක් ගුවන්විදුලියේ ඉංග්‍රීසි නිවේදිකාවක් කතා කරන හඬ ඇසී අම්මේ මම දැන් ඉන්නේ ලංකාවේ යැයි ප්‍රකාශ කරනු ලැබුවේද නිවෙසේ සිටිය සියල්ලන්ම මවිතයට පත් කරවමිනි.
අනතුරුව ඔහුගේ පෙර භවය පිළිබඳව විමසීමට දෙමාපියෝ උත්සාහ ගත්හ. එසේ විමසනු ලැබූ අවස්ථාවකදී ඔහු පැවසුවේ පෙර භවයේදී ඔහුට සොහොයුරන් දෙදෙනෙක් සිටි බවය. ඔවුන්ගේ නම්ද ප්‍රකාශ කළ දරුවා මාගරට් යනුවෙන් සොයුරියක් සිටි බවත් කීය. පියා සමග වරායකට ගොස් ඇති බවත් ඔවුන්ගේ නිවෙස පිහිටා තිබුණේ කඳු මුදුනක බවත් එම දරුවාගේ මතකයේ තිබුණි. පෙර භවයේදී සිදුවූ ගුවන් අනතුරක් පිළිබඳව එම දරුවා ප්‍රකාශ කළේය. මෙම දරුවා පිළිබඳව ඇමෙරිකාවේ වර්ජීනියා විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් විසින් ද පර්‌යේෂණයක් පැවැත්වීය. අනතුරුව පර්‌යේෂණ වාර්තාවකටද ඇතුළත් කර තිබේ.
පෙර භවයේදී එංගලන්තයේ ජීවත්ව සිටි බැව් හෙළි කළ දැරියක් මීට වසර ගණනකට ඉහතදී මහනුවර ප්‍රදේශයේදී උපත ලැබීය. එම දැරියගේ උපතින්ම දක්නට ලැබුණු ශාරීරික ලක්ෂණ අතිශය පුදුම උපදවනසුලු විය. ඇගේ දෙමවුපියෝ සිංහල පවුලක් වූ අතර ඔවුන්ගේ සිරුරු වර්ණය දක්නට ලැබුණේ කාළවර්ණයට බරවය. එහෙත් එම දැරිය උපත ලබා තිබුණේ ඉංග්‍රීසි ජාතික චර්මයේ වර්ණය සහිතවය. හිසකෙස් මගින් ද දක්නට ලැබුණේ තඹ පැහැයට නැඹුරුවය. පවුලේ අන් අය සමග සිටින විට ඇය පැහැදිලිවම විදේශ දරුවකුගේ අයුරින් රූපය නිරූපණය වී තිබිණි. ඇය ප්‍රකාශ කළේ එංගලන්තයේ ජීවත් වූ බවත් පියා විනිශ්චයකාරවරයකු බවත් මතකයේ ඇති බවය.
ඒ සමඟම ඇය පදිංචිව සිටි නිවෙස පිළිබඳව මතකයක්ද හෙළි කළ දැරිය එම ලිපිනයේ අගට ඩබ්ලිව් එක වශයෙන් W.1 යනුවෙන් යෙදූ බවක්ද ඇය අනාවරණය කළාය. එම දැරිය ද ආහාර ගැනීමට හැඳි ගෑරුප්පු ඉල්ලා සිටීමද සිරිත වී තිබිණි.

පෙරභව නිවසට ගුවනින් ගිය දරුවා
පයාගල ප්‍රදේශයේදී උපත ලද තවත් දරුවකු ප්‍රකාශ කළේ ඔහු පෙර භවයේදී ජීවත්ව සිටියේ ඔස්ට්‍රේලියාවේ බවය. 1981 වසරේදී උපත ලද එම දරුවාට නම් දී තිබුණේ අජිත් ලෙසය. මෙම දරුවා පිළිබඳව පර්‌යේෂණයක් පවත්වන විට ඔහු සිව් වැනි වියේ පසුවිය. ඉතා කුඩා කල සිට ඔහු ප්‍රකාශ කළේ පෙර භවයේදී විවාහකයකුව සිටි බවත් බිරියගේ නම කලැරිස් ලෙස මතකයේ ඇති බවත්ය.
ඔහු සේවය කළේ ඔස්ට්‍රේලියාවේ බව පැවසුවේ, මගේ කාර් කොම්පැනිය තිබුණේ ඔස්ට්‍රේලියාවේ යනුවෙනි. ඔහුගේ පෙර ජීවිතය ගැන ඉතා හොඳ මතකයක් ඇතිව සිටි එම දරුවා මම එහෙදි හරිම හරි සුදුයි යනුවෙන්ද පැවැසීය. මෙම දරුවා පිළිබඳව සිදුකළ පර්‌යේෂණයේදි එම දරුවාට ඉදිරිපත් කළ ප්‍රශ්නත් ඔහු දුන් පිළිතුරුත් පටිගත වී ඇති අයුරින්ම මෙසේය.
ප්‍රශ්නය – ඔයා එහෙ ඉන්නකොට හිටියේ කොහේද?
පිළිතුර - ඔස්ට්‍රේලියාවේ
ප්‍රශ්නය - එතකොට ඔයාට වයස කීය ද?
පිළිතුර - මම ලොකුයි. මම බැඳලා නෝනා කෙනෙක් හිටියා.
ප්‍රශ්නය - නෝනා කවුද? එයාගේ නම මොකක් ද?
පිළිතුර - නෝනා ක්ලැරිස්.
ප්‍රශ්නය – නෝනා මොනවද ඇන්දේ?
පිළිතුර - එයාට බබෙක් ලැබෙන්න හිටියා. ගවුම් ඇන්දා.
ප්‍රශ්නය - එහෙ ඉඳල මෙහෙ ආවේ කොහොමද?
පිළිතුර - දවසක් අපි කන්දක ගියා. එතකොට කාර් එක පහළට වැටුණා.
ප්‍රශ්නය - ඉතින් මොකද වුණේ?
පිළිතුර - මම මැරුණා.
ප්‍රශ්නය - කාර් එකේ ඔයා විතරද හිටියේ?
පිළිතුර - නෑ කලැරිසුත් හිටියා.
ප්‍රශ්නය - ක්ලැරිස්ට මොකද වුණේ?
පිළිතුර - එයත් මැරුණා. එයාගේ ඇඟේ මල් ගහල තිබුණා.
ප්‍රශ්නය - ක්ලැරිස් විතරද හිටියේ.
පිළිතුර - ඔව් එයාට බබෙක් ලැබෙන්න හිටියා.

පෙරභවයේ ග්‍රෝතික දරුවා
මෙම දරුවා මේ අයුරින් ඔස්ට්‍රේලියාව පිළිබඳව හෙළි කරන විටදී ඔස්ට්‍රේලියාව ගැන කිසිදු තොරතුරක් ඔහුට ශ්‍රවණය වී නොතිබිණි. රූපවාහිනී හෝ ගුවන්විදුලිය මගින් හෝ කිසිදු ශ්‍රවණය වීමක් සිදු නොවී තිබූ බව සනාථ විය. එහෙත් එම දරුවා ප්‍රකාශ කළ අනෙකුත් කරුණු අතර ඔස්ට්‍රේලියාවේ ගත කළ ජීවිතය ඉතා පැහැදිලිව දක්නට ලැබිණි. වරක් ඔහු පැවසුවේ අපි ඕස්ට්‍රේලියාවෙදි ඇපල් වතුවලට යනවා. ඒ ගිහින් ඇපල් කඩාගෙන කනවා යනුවෙනි. “මගේ නෝනා ඇපල් කන්න හරිම ආසයි. ඉතින් අපි හැමදාම ගිහින් ඇපල් කනවා.” යනුවෙන්ද නිතර නිතර ප්‍රකාශ කළේය.
විදේශවල ජීවත් වූ බැව් හෙළි කළ දරුවන්ගේ එම තොරතුරු අනුව පෙර භවයේ නිවෙස් සොයා යෑම අසීරුය. එහෙත් රටවල් දෙකක් අතර තොරතුරු හෙළි කළ විදේශ දරුවකු පිළිබඳව පූර්ණ පර්‌යේෂණයක් සිදුකළ දරුවකු උපත ලබා තිබුණේ ස්කොට්ලන්තයේදීය. 2000 වසරේදී උපත ලද මෙම දරුවා පිළිබඳව එංගලන්තයේ සන් පත්‍රය මගින්ද පර්‌යේෂණයක් පැවැත්විණි. “මැකරන් නම් එම දරුවා දිනක් මව අමතමින් මම ආවේ බාරා ඉඳල” යැයි පැවැසීය.
මේ අතර ඔහු චිත්‍ර ඇඳීමටද දැඩි උනන්දුවක් දක්වන දරුවකු බැව් හෙළි විය. “මගේ අම්මලට මාව නැතිවුණා.” යැයි ඔහු තවත් දිනෙක පැවැසීය. එහිදී සොයුරු සොයුරියන් සිටි බවත් මව කොණ්ඩය කොටට කපා සිටි බවත් හෙළි කළේය.
• පෙර භවය සොයා ගුවනින් ගිය දරුවෙක්
• ගෝත්‍රික ජීවිතයක් හෙළි කළ දරුවෙක්
• ඕස්ට්‍රේලියාවේ සිටි බැව් හෙළි කළ දරුවෙක්
• ඇමෙරිකාවේ සිටි බැව් හෙළි කළ දරුවෙක්
• හැඳි ගෑරුප්පු ඉල්ලූ දරුවෙක්
“මම බාරාවල සිටියදී අහස්යානා ඇවිත් නවත්වනව. අපේ ගෙදර ඉඳන් ජනේලයෙන් බලා සිටිනවා.” යැයිද ඔහු මතකයෙන් හෙළි කළේය. ඔවුන් පදිංචිව සිටි නිවෙස තද සුදු පැහැයෙන් වර්ණ ගල්වා තිබූ බැව්ද පැවැසූ මෙම දරුවා අපි හිටියේ මුහුදක් පෙනෙන තැනක බවද කී ඔහු ඔහු මට සෙල්ලම් කරන්න මෙහෙ ඉන්න බැහැ, මාව ඒ ගෙදරට එක්ක යන්න යැයි නිතර නිතර මවට කියා සිටියේය. කළු සහ සුදු පැහැයෙන් යුත් සුනඛයකු ගෙදර ඇතිකළ බවද පැවසූ ඔහු නිතර කියා සිටියේ ඔහු නොමැතිවීම නිසා දෙමවුපියෝ දැඩි ලෙස දුකින් සිටින බවය.
තමා දැන් නිවෙසේ සිටින බව දෙමවුපියන්ට කීමට අවශ්‍ය බව පැවසූ එම දරුවා එම නිවෙසට ඔහු කැඳවාගෙන යන ලෙස දෙමවුපියන්ට බල කර කියා සිටියේය. ඒ අනුව ඔහු හෙළි කළ තොරතුරු මෙම පර්‌යේෂණයේදී ලැයිස්තුවක් පිළියෙල කරනු ලැබීය. එම කරුණ එහි සඳහන් අයුරින් මෙසේය.
හිටපු ප්‍රදේශය හඳුන්වා ඇත්තේ බාරා යනුවෙනි.
• පියා මරණයට පත්ව ඇත.
• පදිංචිව සිටි නිවෙස සුදුය.
• පදිංචිව සිටියේ මුහුදකට ආසන්නවය.
• ඔවුන්ට කළු පැහැති කාරයක් තිබී ඇත.
• පියාව හඳුන්වන ලද්දේ රොබට් යනුවෙනි.
පෙර පදිංචිව නිවෙසේ ජනේලයකින් ගුවන්යානා යන අයුරු නරඹා තිබේ.

එංගලන්ත ලිපිනය කිව් දැරිය
එහෙත් මෙම දරුවාගේ පෙර භව මරණය හමුවූ අයුරු ඔහුගෙන් හෙළි නොවීය. මේ වනවිට මෙම දරුවා මොන්ටිසෝරියකට ඇතුළත්ව සිටියේය. ඔහුගේ ගුරුවරිය ද මෙම දරුවාගේ ප්‍රකාශ පිළිබඳව දැඩි අවධානයක් යොමුකර සිටියාය. කැමරන්ගේ පෙර භවය පිළිබඳව උනන්දුවක් දක්වන ලෙසත් ඒ පිළිබඳව නිරීක්ෂණය කිරීමට උත්සාහ ගන්නා ලෙසත් ගුරුවරිය විසින් දෙමවුපියන් දැනුවත් කරනු ලැබුවාය.
අනතුරුව මෙම දරුවා පිළිබඳව මනෝවිද්‍යා පර්‌යේෂකයෝද සියුම් පර්‌යේෂණයක් ආරම්භ කළහ. එම විමර්ශනය සඳහා ගුවන් යානාවකින් මෙම දරුවා ඔහු පැවසූ බාරා පෙදෙසට කැඳවාගෙන යනු ලැබීය. ඔවුහු එම දරුවාද සමගින් එම ප්‍රදේශයට ගියහ. එහෙත් ඒ වනවිට ඔහු හෙළි කළ පෙර භව ඥාතීහු එහි නොසිටියහ. එහෙත් ඔහු පෙර භවයේදී පදිංචිව සිටි නිවෙස සොයාගත හැකි විය.
නිවෙස දුටු විගස දරුවා මහත් ප්‍රීතියෙන් මව ඇමතුවාය.
“දැන්වත් මම කියපු දේ ඇත්ත කියල විශ්වාස කරනවාද?” යැයි ඔහු මවගෙන් ප්‍රශ්න කළේය. මෙම දරුවා හෙළි කළ තොරතුරු සනාථ කරමින් එවැනි පවුලක් එම නිවෙසේ පදිංචිව සිටි බැව් තහවුරු කර ගැනීමට පර්‌යේෂකයන්ට අවස්ථාව ලැබිණි. කැමරන් දරුවා පිළිබඳව සිදුකළ පර්‌යේෂණයේදී ඔහුගේ මරණ සිදුවූ අයුරු සනාථ වූ කරුණ අනාවරණය නොවීය. එහෙත් පර්‌යේෂකයන් ඒ පිළිබඳව ඔහුගෙන් විමසූ විට ඔහු දී තිබූ පිළිතුර මෙසේය.
“මරණය ගැන දුක් වන්න එපා. නැවත ආපසු එන්න පුළුවන්.” යනුවෙනි.
මෙම දරුවා ගුවනින් ගොස් පෙර භව නිවෙස සොයාගත් අයුරු 2006 වසරේදී සන් පත්‍රය මගින් වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කර තිබිණි.
එංගලන්තයේදී උපත ලැබූ පෙර භවය හෙළි කළ දරුවකු පිළිබඳව මහාචාර්ය ස්ටීවන්සන් ඇතුළු පුනර්භව පර්‌යේෂකයෝ විසින් පර්‌යේෂණයක් පැවැත්වූහ. එම දරුවා සිය පෙර භවය පිළිබඳව කරුණු හෙළි කිරීම ආරම්භ කළේ වයස අවුරුදු තුනේ පමණ සිටය.
ඔහු අඳිනු ලැබූ චිත්‍ර මගින් ගෝත්‍රික මිනිස් ජීවිත පෙන්වා දෙනු ලැබීය. ඒ සමගම ඔහු සතුන් දඩයම් කළ බැව්ද එම දරුවා ප්‍රකාශ කළේය. එම දරුවා ඉතා කුඩා වියේදී ගෙමිදුලේ තිබූ විශාල ගසකට නැග්ගේය. එය දුටු මව අතිශය බියපත් වී වහාම ඉන් බසින ලෙස පැවසුවාය. එයට පිළිතුරු දුන් දරුවා කිසි දිනෙක එවැනි ගසකට නැඟ නොසිටි තම දරුවා එක්වරම එවැන්නක් සිදු කළේ කෙසේදැයි මවිත වී මව ඒ පිළිබඳව විමසීමක් කළාය.

ඔස්ට්‍රේලියාවේ සිටිබැව් හෙළිකළ දරුවා
“ඔයා ගස් යන්න ඉගෙන ගත්තේ කොහොම ද?” යැයි මවගේ ප්‍රශ්නයට පිළිතුරු දුන් දරුවා,
“මම එහෙදි ගස් යනවා. අපි එහෙදි ගස් නගිනවා. දුනුවලින් සත්තුන්ට විදිනවා.” යැයිද කීවේය. තවත් දිනක් මව ඇමතූ දරුවා,
“මගේ දරුවන්ටයි බිරිඳටයි කන්න දෙන්න ඕන හින්දා මම දඩයමේ යනවා.” යැයි කීවේය. දිනක් ඔහු දඩයමේ ගිය විටකදී කොටියකුට විද්ද බවත් එහෙත් කොටියා ඔහුගේ ඇඟට පැන්න බව මතකයේ ඇති බවත් කීවේය. පෙර භවයේ මතක සටහන් වරින් වර හෙළි කළ මෙම දරුවා වරක් ජලාශයක සිටි මිනිසකුගේ දෙපා කිඹුලකු විසින් සපා කන අයුරු තමා දුටු බවද හෙළි කළේය.
දිනක් අප්‍රිකානු චිත්‍රපටයක් නැරඹීමට ගිය එම දරුවා එහි දර්ශනවල කූඩාරම් නිවාස දුටු විගස මහත් සේ කලබල වීය.
“මට මේවා පෙනෙනකොට මගේ පෙර ජීවිතය පෙනෙනවා.” යැයි මවට පැවසුවේ ඉමහත් භීතියට පත්වීමෙනි. මෙම දරුවාගේ පුනර්භව සාධකය පිළිබඳව මව විසින් ඇය සිදුකළ විමර්ශනය ඇය විසින් ලියන ලද ග්‍රන්ථයකටද ඇතුළත් කර ඇත. අනතුරුව මහාචාර්ය ස්ටීවන්සන් විසින් ලියන ලද පර්‌යේෂණ වාර්තාවකටද ඇතුළත් කර තිබේ.
මේ අයුරින් පෙර භවයේ විදේශවල ජීවත්ව සිටි බැව් හෙළි කළ දරුවන්ගේ පුනර්භව සාධක (Journal of the American society for physical research) ප්‍රකාශන මගින්ද එළිදක්වා තිබේ. පුනර්භව සාධක ඇතුළත් කර පළ කරනු ලබන මෙවැනි පර්‌යේෂණ (Extraordinary cases of children who remember past lives) ලෙසද ග්‍රන්ථවලට ඇතුළත් කර තිබේ.
• කෝට්ටේ රන්ජිත් කෑම කෑවේ ඉංග්‍රීසි ක්‍රමයට
• මහනුවර දැරියක් එංගලන්තයේ විනිශ්චයකාරයෙකුගේ දියණියකගේ තොරතුරු කියලා
• පයාගල අජිත්ගේ පෙරභවය ඔස්ට්‍රේලියාවේ
මීට වසර කිහිපයකට උඩදී මොනරාගල ප්‍රදේශයේදී උපත ලද චම්පා නම් දැරියක් ප්‍රකාශ කළේ ඇය පෙර භවයේදී ඉන්දියාවේ ජීවත්ව සිටි බවය. ඇය පදිංචිව සිටි ප්‍රදේශය පායිල් යනුවෙන් හැඳින්වූ බව ඇය හෙළි කළාය. ඇගේ නිවෙස අගට වාසගම් යනුවෙන් යොදා තිබූ බවක්ද ඇගේ මතකයේ තිබිණි.
“මට එහෙදි කියන්නෙ ඩිල්කි කියල. කමලා කියල අක්කා කෙනකුත් හිටියා. මොහාන් මගේ මල්ලි.” නිවෙස විශාල මැඳුරක් බවද පැවසූ දැරිය එහි සේවයට සිටි කාන්තාවක් අමතන ලද්දේ ලන්චි යනුවෙන් බැව්ද පැවසුවාය. පියාට වෙළෙඳසලක් තිබූ බැව් හෙළි කළ මෙම දැරිය ඇගේ පෙර භව ජීවිතයේදී සිදුවූ සුවිශේෂී කරුණක් අනාවරණය කළේද අතිශය පුදුමාකාර අයුරිනි.
“අපේ අම්මට දරුවෙක් ලැබෙන්න ගිහින් එයා මරණයට පත්වුණා. අම්මාගේ මිනිය වළලන විටදී තාත්තත් මැරුණා.” යැයි ඇය මතකයෙන් හෙළි කළාය. එම දැරිය පැවසූ තොරතුරු පර්‌යේෂණ වාර්තාවේ සඳහන් වී ඇති අයුරින් මෙසේය.
මම ඉන්දියාවේ හිටියේ ලොකු ගෙදරක
අම්මා තාත්තා මල්ලි හිටියා.
මල්ලිගෙ නම මොහාන්
මගේ නම ඩිල්කි.
හිටපු ගම පායිල්.
මරණය සිදුවූ අයුරුද මතකයේ නොතිබූ බැව් මෙම පර්‌යේෂණයේදී දක්නට ලැබිණ.
විදේශයකින් පර්‌යේෂණයට ලක්වූ තවත් දරුවෙක් උපත ලබා තිබුණේ නේපාලයේදීය. ඔසෙල් නම් එම දරුවා හෙළි කරනු ලැබුවේ ස්පාඤ්ඤයේ ජීවත් වූ මියගිය ලාමාවරයකුගේ ජීවිත තොරතුරුය. ලාමාවරුන්ගේ පුනර්භව විශ්වාසය මත මියගිය ලාමාවරු සොයා ගිය විටෙකදී එම දරුවා හමුවී තිබිණි. මෙම දරුවා පෙර භවය හඳුනා ගැනීම පිළිබඳව 1987 වසරේදී රොයිටර් පුවත් සේවය මගින්ද ලොව පුරා ප්‍රකාශයට පත්වූ අතර මහාචාර්ය ස්ටීවන්සන් විසින්ද පර්‌යේෂණයක් පවත්වනු ලැබීය.
තිස්ස ජයවර්ධන

