
ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කරන විට මුදල් භාවිතයෙන් තොර භාණ්ඩ හුවමාරු කරගත් යුගයක් පැවති බැව් පෙනේ. තුන්වැනි සියවස වන විට රිදී හෝ ලෝකඩ කැබැලි ධනය වෙනුවට හුවමාරු කරගෙන තිබේ. පසුව කහවණු භාවිත කර ඇති අතර එය හත්වැනි හා අය වැනි සියවස්වල පොලොන්නරුව හා දඹදෙණිය රාජධානි කාලයේ වටිනාකම් ඇති කරන ලද “ව්‍යවහාර කාසි” බව ඓතිහාසික වාර්තා දක්වයි.
ලංකාව යටත් කරගත් පසු විදේශීය මුදල් වර්ග පවා මෙරට භාවිත කර තිබේ. පොලොන්නරුව රාජධානිය පෙරදිග වෙළෙඳුන් සමග ගනුදෙනු කර ඇති අතර එයට භාවිතකරන ලද ක්‍රම ගැන වෙනම පර්‌යේෂණ වාර්තා නිකුත් වී ඇත. ක්‍රමානුකූලව වර්ධනය වූ කාසි හා නෝට්ටු භාවිතය නූතන අවකාශයට ඇතුළු වී තිබේ. ස්පර්ශ කළ හැකි කඩදාසි හෝ ලෝහ කාසි වලංගු නැති යුගයක් ඉදිරියේ දී නිර්මාණය වනු ඇතැයි විශ්වාස කෙරේ.
ඩිජිටල් යුගයේ භාණ්ඩ හා සේවා සඳහා ගෙවන ක්‍රම ගැන විවිධ මතභේද ඇත. රහස් මුර පද භාවිත කර ඉලක්කම් පමණක් ඇති ගිණුම් අන්තර් ජාලයේ තිබීම ගැන විරෝධතා පැන නැගෙමින් තිබේ. රන් කහවණු වෙනුවට මුද්‍රිත කඩදාසි කැබැල්ලක් භාවිත කරන අවස්ථාවේ දී පමණක් නොව ඉතාම වටිනා මිල සඳහන් කර අත්සනක් ඇති චෙක් පත් හුවමාරු වූ කාල වකවානුවේ දී ද පරස්පරතා තිබුණ බව විශ්වාස කළ හැකිය. ඩිජිටල් මුදල් භාවිත කිරීම දැනට ගැටලු ඇතිකරන නමුත් තවත් දශක කිහිපයකට පසු ඉතාම නවීන ක්‍රමවේද සහිත ආරක්ෂිත ගනුදෙනු වනු ඇත.
ඩිජිටල් මුදල් වත්කම් වශයෙන් ප්‍රකාශයට පත්වීම
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමට නියම වූ පසු මෙරට මැති ඇමැතිවරුන් ඉදිරිපත් කළ වාර්තා අතර ඩිජිටල් මුදල් වත්කම් ගැන හෙළිදරව් විය. ඩිජිටල් මුදල් ක්‍රමවේ ද දෙකකි. එකක සිය ධනය ඩිජිටල් ක්‍රමයට ගනුදෙනු කිරීම වේ. අනෙක සම්මත කාසි හෝ නෝට්ටු වෙනුවට නිර්මිත අගයක් සහිත මුදල් ඒකක භාවිතයයි. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම නිර්මිත ඩිජිටල් මුදල් සඳහා නිල වශයෙන් අනුමතිය නිකුත් කර නැත. සිංගප්පූරුව, මැලේසියාව හා පිලිපීනය ඇතුළු රටවල් ඩිජිටල් මුදල් සඳහා නීති සකස් කර තිබේ. ඇමරිකාව හා ඉන්දියාව අතර මැදි තැනකය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා මූල්‍ය ස්ථාවර මණ්ඩලය මෙම නිර්මිත නොඑසේ නම් ක්‍රිප්ටෝ මුදල් ව්‍යවහාරය සම්බන්ධ නියාමනයකට සූදානම්ය.
කෙසේ වෙතත් මෙරට ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් ඩිජිටල් මුදල් ගැන අවබෝධයක පසුවේ. තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ඇතැම් තරුණ පිරිස් ඩිජිටල් මුදල් ගිණුම් භාවිත කරන බව රහසක් නොවේ. කාසි හෝ නෝට්ටු වශයෙන් අතට නොලැබෙන එහෙත් විශ්වාස මත පදනම්ව ක්‍රිප්ටෝ ඩිජිටල් මුදල් භාවිතය සිදුවේ.
ඩිජිටල් මුදල් සම්බන්ධ ව්‍යවහාර ගණනාවක් දැනට ජාත්‍යන්තරයේ පවතී. මහ බැංකු එනම් යුරෝ හා ඩොලර් ඩිජිටල් මුදල් ප්‍රභේදයක් ඇත. ක්‍රිප්ටෝ මුදල් විමධ්‍යගතව හුවමාරුවන අතර එය ගිණුම්ගතවන ආකාරය පරිගණක පද්ධතිවල ලේඛනගත වේ. ස්ටේබල්කොයින්ස් මුදල් හෝ රන් වටිනාකම් අනුව එකතුකරගත හැකි ඩිජිටල් මුදල් ගිණුම් විශේෂයකි. විශේෂිත පරිගණක පද්ධති හරහා ඔන්ලයින් ගනුදෙනු කරන නමුත් ඒවායේ සාමාන්‍ය ව්‍යවහාරයේ දී වටිනාකමක් ඔප්පු කළ නොහැක. ඩිජිටල් මුදල් විශේෂ පරිගණක ජාලගතව සහ ඩිජිටල් මුදල් පසුම්බියක පවතී. සමහර මුදල් විශේෂ මධ්‍යගත අතර තවත් විශේෂ විසිරී පවතින පාලනයක් යටතේ තිබේ.
කාසි හෝ නෝට්ටු භාවිත නොකරන යුගයකට
වත්කම් ගැන අනාවරණ වැළැක්වීම අරමුණු කරගෙන ධනය වෙනම නඩත්තු කිරීමක් සිදුවිය හැකිය. ඩිජිටල් ධනය ගැන රහසිගතය. තොරතුරු අනාවරණය නොවේ. ස්විස් බැංකු ගිණුම් හා සමාන තත්ත්වයකි. හෙළිදරව් නොකෙරෙන ඩිජිටල් මුදල් බදු ක්‍රමවලින් බැහැරය. ඒවා නීත්‍යනුකූල කරන අනාගතයේ දී විවිධ පැතිකඩ මතුවෙන්නට ඉඩ තිබේ.
වාණිජ බැංකු ගිණුම්වල තැන්පත් ධනය ඩිජිටල් ආකාරයට හැසිරවීම අනුබල දෙන මුල්‍ය ක්‍රමයකි. ධනය උපයාගත් ආකාරය හා වියදම් කරන ක්‍රම පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි පසුබිම තුළ ඒවා මුල්‍ය ක්‍රමයට ඇතුළත්ය. ශ්‍රී ලංකා මහ බැංකුව රට තුළ කරන ඩිජිටල් ගනුදෙනු දිරිමත් කරමින් සිටී. කෙසේ නමුත් මෙරට ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් මෙම ගනුදෙනුවලින් බැහැරව පවතින්නට සූදානම්ය. අතට ලැබෙන ධනය ආර්ථික කටයුතු සඳහා සාමාන්‍ය ආකාරයට වියදම ඩිජිටල් ආකෘතියක් නොවේ. එහි දී මුදල් හුවමාරුව සම්බන්ධ දත්ත එකතු කරගැනීම දුෂ්කරය.
වාණිජ බැංකු සබඳතා රහිත ආසියාව
ධනය උපයන ආකාරය හා වියදම් කරන පිළිවෙළ බැංකු ගිණුම්වල දී ඩිජිටල් ක්‍රමයට කරන පසු දත්ත අනාවරණය වේ. එය ලෝකයේ දියුණු මුල්‍ය ආකෘතියකි. වත්කම අනුව බදු ගෙවීමට සහ ආදායමක් රහිත කොටස බදුවලින් බැහැර කිරීමට සාධාරණ පසුබිමක් ඇති කරයි.
2011 දී මෙරට ජනගහනයෙන් වයස අවුරුදු 15 ට වැඩි සියයට 68.5 කට බැංකු ගිණුමක් තිබුණි. 2021 වන විට එය සියයට 89.3 දක්වා වැඩි වී තිබේ. මහ බැංකු වාර්තා මෙම කරුණු අනාවරණය කරයි. ඩිජිටල් මුදල් හුවමාරු පිරිස ගනුදෙනුකරුවන්ගෙන් සියයට 55 කි. මෙම පිරිස අතරින් සියයට 47.5 ක් කාන්තාවන් බව දැක්වේ. කෙසේ වෙතත් මුදල් ලබා ගැනීම හා ගෙවීම සඳහා ප්‍රමාණවත් යටිතල පහසුකම් නැත. අගනුවර හා තදාසන්න ප්‍රදේශවල පවා ඩිජිටල් ගෙවීම් ප්‍රතික්ෂේප කරන ව්‍යාපාරික හෝ සේවා ස්ථාන තිබේ. ඩිජිටල් මුදල් හුවමාරු කටයුතු සඳහා අන්තර් ජාල සම්බන්ධතා අවශ්‍යය. දත්ත සම්ප්‍රේෂණය සඳහා ප්‍රමාණවත් පරිදි අන්තර් ජාල පහසුකම් සැපැයිය යුතු වේ.
බැංකු පද්ධති ඩිජිටල්කරණය සමග ආර්ථිකයක සිදුවිය යුතු ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කෙරේ. එය අලුත් ජවයක් ඇතිකරන සාධකයකි. අධික බදු පනවන අතර එම බදු දැලට හසුකර ගැනීම සඳහා බැංකු ගනුදෙනු පාදක කර ගැනීමට උත්සාහ කරන වංක පියවර තුළ අපේක්ෂිත ජවය ඇතිකරන්නේ නැත. දකුණු ආසියාවේ සංඛ්‍යා ලේඛන අනුව ජනගහනයෙන් සියයට හැත්තෑවකට සාම්ප්‍රදායික වාණිජ බැංකු සබඳතා නැත. ශ්‍රී ලංකාවේ බැංකු ගිණුම් සහිත ජන කොටස විශාල නමුත් එම ගිණුම් නඩත්තුව අලාභදායකය. විශාල ප්‍රතිශතයක් ගනුදෙනු කරන්නේ නැත. ගිණුමක අනිවාර්ය ශේෂය නියම කිරීම එහි ප්‍රතිඵලයකි.
ශ්‍රී ලංකාවේ තොරතුරුවලට අනුව වාණිජ බැංකුවක ණය හෝ අත්තිකාරම් ලබා ගැනීම පහසු නැත. ආණ්ඩුව ඩිජිටල් බැංකු ක්‍රම ගැන කතාකරන නමුත් දැනටත් විශාල පිරිසක් අනවසර ඉතිරි කිරීමේ හා ණය ක්‍රමවල ගොදුරු බවට පත්ව සිටිති. තවත් කොටසක් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සමග ගනුදෙනු කරන බව දැක්වේ. මෙකී තත්ත්ව හේතු කොටගෙන විශාල ආර්ථික අවභාවිතාවක් සිදුවේ.
ඩිජිටල් ආර්ථිකයක් තුළ සිය ගනුදෙනු ඩිජිටල් ගෙවීම් පද්ධතියකට හැරවීම සඳහා ස්මාට් දුරකතන, අන්තර් ජාලසබඳතා සඳහා අඩු වියදම් ක්‍රම සකස් කළ යුතු අතර පද්ධති පහසුකරන මෘදුකාංග ප්‍රචලිත කිරීම ද අවශ්‍යය. ඉන්දියාවේ යූ.පී.අයි. ගෙවීම් ක්‍රමයක් තිබේ. එය ඉතා මෑතක දී ශ්‍රී ලංකාව හඳුන්වා දුන් ගවන්මන්ට් පේ ආකෘතියට වඩා දියුණු තත්වයකි. නවදිල්ලියේ වීදි වෙළෙඳුන් පවා ඩිජිටල් මුදල් ගෙවීම්වලට අවනතය. එම මොහොතේම ගිණුමකින් ගිණුමකට මුදල් හුවමාරුවන බැවින් දියුණු විශ්වාසයක් ගොඩනැගී තිබේ. සිංගප්පූරුවේ පාස්ට් සහ තායිලන්තයේ ප්‍රොම්ප්ට් පේ මෙයට සමානය. චීනයේ වීචැට් හා අලි පේ යනුවෙන් ආකෘති ඇත. වී චැට් මගින් සිය ස්මාට් දුරකතනයේ මුහුණත හරවා ස්කෑන් ක්‍රමයෙන් වහාම ගනුදෙනු අවසන් කළ හැකිය.
පාරිභෝගික අයිතිය හා ගනුදෙනුවල සුරක්ෂිතභාවය
ඩිජිටල් මුදල් ක්‍රමවලට ඇතුළුවුණු පසු පාරිභෝගික අයිතිය හා ගනුදෙනුවල සුරක්ෂිතභාවය ඉතාම වැදගත්ය. බැංකු මගින් මුදල් ගෙවීමෙන් පසු අන්තර් ජාලයෙන් ඇණවුම්කරන පසු ලැබෙන භාණ්ඩවල තත්වය හා ගුණාංග ගැන සමාජය තුළ ගැටලු තිබේ. නියාමන ක්‍රමවේද සමග ගනුදෙනුකරුවන් සහ සේවා සපයන පිරිස් ශ්‍රේණිගත කිරීමේ අවශ්‍යතාවක් ඇත. මෙම ක්‍රම සඳහා රජය මැදිහත්වීමේ සීමාවක් අවශ්‍ය කෙරේ. රජයේ ලියාපදිංචිකර ඒවාට ගාස්තු අය කරන ක්‍රම හඳුන්වාදීමට ඉඩ ඇති අතර එය අපේක්ෂිත ඩිජිටල් ආකෘතිය බෙලහීන කිරීමක් විය හැකිය. ආර්ථිකය හා මුල්‍ය අංශය ඩිජිටල්කරණය සමග ජාලගත සම්බන්ධතාවල විශ්වාසනීයත්වය, අනවසර පුද්ගලයන්ගේ ප්‍රවේශ හා අන්තර් ජාල ආරක්ෂණය ඉතා වැදගත්ය.
ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කරන පරිදි ශ්‍රී ලංකාවේ සයිබර් අපරාධ සම්බන්ධ පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 450 සිට ඩොලර් බිලියනයක පරාසයක් දක්වා විහිදෙන්නට ඉඩ තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා මෙරට බැංකු පද්ධති සුරක්ෂිත කිරීම හා අවභාවිතය වළක්වනක්‍රම සඳහා සූදානම් කිරීමේ වැදගත්කම පෙන්වා දී ඇත. පහසුවෙන් නීති විරෝධී මුදල් ඩිජිටල් පද්ධතිවලට ඇතුළුවීමට ඉඩ තිබේ. මත් ද්‍රව්‍ය, ඖෂධ ජාවාරම්, නීති විරෝධී මිනිස් සංක්‍රමණ, ආයුධ වෙළෙඳාම හා දූෂණ හා වංචාවලින් උපයන ධනය ඇතුළු වුවහොත් විශාල අවදානමක් බව අවධාරණය කළ යුතුය. ශ්‍රී ලංකාව දැනට පසුවන තැන අනුව ඉතා පහසුවෙන් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නතුවීමට ඉඩ තිබේ. ඩිජිටල් මුදල් හා ඩිජිටල් ගෙවීම් අතරවාරයේ පූර්ව විධිවිධාන අවශ්‍ය කෙරේ. ලෝකයේ වෙනත් රටවල් අනුගමනය කරන ක්‍රමවේද සලකා බැලීම අවශ්‍යය. වෙනත් රටවල මුහුණ දුන් අභියෝග අධ්‍යයනය කළ යුතුවේ. ස්වාධීනව සොයාබලා ඩිජිටල් මුදල් හා ඩිජිටල් ගනුදෙනු ගැන ප්‍රමාණවත් සංවාදයක් ඇති කිරීම රජයේ වගකීමකි.
සාරා කන්දෙගොඩ

