
තිස්සමහාරාම, පොල්ගහවැලෑන, පන්නෙගමුව පාරේ පිහිටි හොඳ හිත සිතිවිලි මන්දිර පරිශ්‍රයේ ඉදිකළ අඩි 127ක් උස “හොඳ හිත නෙළුම් බුදු කුලුන” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද (18) විවෘත විය.
එම බුදු කුලුන මස්තකයෙහි උසින් අඩි 16ක්, දිගින් අඩි 18ක් හා පළලින් අඩි 09ක් වූ ධර්මචක්‍ර මුද්‍රාවේ සමාධි බුද්ධ ප්‍රතිමාවකි. රත්නපුරේ නන්ද හිමි මෙම බුදු පිළිම වහන්සේ නිර්මාණය කර තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුදු කුලුන විවෘත කිරීමෙන් එම පරිශ්‍රයේ සල් පැළයක් රෝපණය කළේය. අනතුරුව මහා සංඝරත්නය උදෙසා පැවැති සංඝගත දක්ෂිණාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මහා සංඝරත්නයට දන් පිළිගැන්නුවේය.
බස්නාහිර පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි, තිස්සමහාරාම රාජමහා විහාරාධිපති දේවාලේගම ධර්මසේන හිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, විද්‍යෝදය පරිවෙණාධිපති බලංගොඩ සෝභිත හිමි, නැදිගම්විල විල්පිට රාජමහා විහාරාධිපති උයන්වත්තේ සද්ධාරාම හිමි ඇතුළු මහා සංඝරත්නය මෙම පිංකමට වැඩම කළ වදාළහ.



(ඡායාරූප - අග්‍රාමාත්‍ය කාර්යාලය)

