
(නිමන්ති රණසිංහ)
වයස අවුරුදු 12ත් 19ත් අතර “සංජානනීය ආබාධ” සහිත දරුවන් වෙනුවෙන් එන්නත් ලබාදීම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී අද (24) ආරම්භ විය.
එම අවස්ථාව සදහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.
ඒ අනුව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මෙන්ම අනුරාධපුර ශික්ෂණ රෝහල සහ කුරුණෑගල මහ රෝහල යන ස්ථානවලද මෙම දරුවන් සඳහා එන්නත් ලබාදීම ආරම්භ කළ බව සෞඛ්‍ය අංශ පවසයි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)









