(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ යොවුන් ගායන ශිල්පිනියක වන යොහානි ද සිල්වා සහ ගායන ශිල්පි සතීශන් රත්නායක ගායනා කළ ගීතයක් ලෝකය පුරා බෙහෙවින් ජනාදරයට පත්වෙමින් ලෝක වාර්තාවක් තබා ඇති හෙයින් එම දෙදෙනාට විශේෂ ගෞරවයක් ලබා දෙන්නැයි තමා යෝජනා කරන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවැසීය.
එම දෙදෙනා ගායනා කළ "මැණිකේ මගේ" ගීතය ලෝකය පුරා එක් කෝටි දහ අට ලක්ෂයක් දැනට නරඹා ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය.
ශ්‍රී ලංකාවේ ගීතයක් ලෝකය පුරා මෙලෙස ඉහළම මට්ටමට ගිය පළමු අවස්ථාව මෙය බව පැවසූ ජයමහ මහතා එම දෙදෙනාගේ ගීතය අගය කිරිමේ පියවරක් ලෙස ඉන්දියාව විසින් යොහානි ද සිල්වා සංස්කෘතික තානාපතිවරියක ලෙස පත්කරනු ලබා ඇති බවත් ප්‍රකාශ කළේය.
මේ දෙදෙනාට මැතිසබයේ ඉහළම ගෞරවය දැක්විය යුතු බව නලින් බණ්ඩාර මහතා මෙහිදී වැඩිදුරටත් කීවේය.

