(අංජුල මහික වීරරත්න)
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ කිලෝමීටර 41න් 37කම වැඩ යහපාලන ආණ්ඩුව විසින් අවසන් කර තිබූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය .
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කිලෝමීටර 41ක දුරෙන් කිලෝමීටර් 37ක් ඉදිකිරීම සඳහා යහපාලන රජයට ගත වූයේ වසර දෙකක් පමණක් බව කී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වත්මන් ආණ්ඩුවට ඉතිරි කිලෝ මීටර් හතර ඉදිකිරීම සඳහා වසර දෙකකට ආසන්න කාලයක් ගත වූ බවද සඳහන් කළේය.
කෙසේ වෙතත් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ වැඩ අවසන් කිරීම ගැන සතුටු වන බව කී කිරිඇල්ල මහතා එදා තම ආණ්ඩුවෙන් ඉදිකළ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවනි අදියරේ කිලෝමීටර් 37ක කොටස කන්ද උඩරට මල්වතු අස්ගිරි භික්ෂූන් වහන්සේලාට ද දැක බලා ගැනීමට සැලැස්වූ බව සඳහන් කළේය.

