
(ඩයනා උදයංගනී)
කිසියම් මාධ්‍ය නාලිකාවක් රටේ සාමය නැති කිරීමට හෝ ජාතීන් අතර අසමගිතා ඇතිකිරීමට උඩගෙඩි දෙමින් කටයුතු කරනවා නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට මාධ්‍ය ඇමතිවරයා ලෙස තමා පසුබට වන්නේ නැතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
එවැනි මාධ්‍ය සම්බන්ධයෙන් නීතියේ රාමුව තුළ ව්‍යවස්ථාවට ගරු කරමින් කටයුතු කිරීමේ වගකීමක් තමාට පැවරී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය. මාධ්‍ය නාලිකා යනු ජනතාවගේ දේපලක් මිස කාගේ හෝ පෞද්ගලික බූදලයක් නොවන බව ද අමාත්‍යවරයා කීවේය.
එමෙන්ම සාවද්‍ය පුවත් ප්‍රචාරය කරන වෙබ් අඩවි සම්බන්ධයෙන් පැහැදිළි නියාමනයක් අවශ්‍යය බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ‘මාධ්‍ය ආයතන, නාලිකා මගින් ජනතාවට තොරතුරු ලබාගැනීමේ අයිතිය පාලනය කරන්න යන්නේ ඇයි?’ යනුවෙන්මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
මෙවැනි මතයක් රට තුළ ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ විපක්‍ෂනායකතුමා පාර්ලිමේන්තුවේදී දැඩි ස්වරයකින් කළ ප්‍රකාශයක් බව කී ඇමතිවරයා මාධ්‍ය සම්බන්ධයෙන් නීතීඥවරු ගෙන්වා රහසිගත සාකච්ඡාවක් පැවැත්වූ බවට ඔහු එහිදී සඳහන් කළ බව ද කීවේය.
නීතීඥවරු ගෙන්වා සාකච්ඡා කරන්නේ නීතිගරුක විය යුතු නිසා යැයි කී ඇමතිවරයා නීතිය තුළ ක්‍රියාත්මකවීමට ඇති ප්‍රතිපාදන භාවිතා කර නීතිය තුළ කටයුතු කිරීම නීතීගරුක පුරවැසියකුගේ ලක්‍ෂණයක් බවත්, එය රහසිගත කටයුත්තක්, ජාතික අපරාධයක් හෝ කුමන්ත්‍රණයක් නොවන බව ද පැවසීය.
පාතාල සාමාජිකයින් ගෙන්වා සාකච්ඡාවක් පැවැත්වූ බව කීවේ නම්, කුරුඳුපොලු කණ්ඩායම් ගෙනත් හෝ අරලියගහ මන්දිරයේදී පෞද්ගලික හේතු මත යම් යම් අයට නඩු පැවරීම ගැන සාකච්ඡාවක් කළේ නම් ඒ ගැන විමර්ශනයක් කළ යුතු බව කී ඇමතියවරයා වර්තමාන රජය එම ක්‍රමවේදය සම්පූර්ණයෙන් බැහැර කර තිබෙන බව සඳහන් කළේය.

