’’ෆැක්ටරි’’ 500ක් ගංවතුරේ


(සුජිත් හේවාජුලිගේ)

ගංවතුර සහ නාය යෑම් විපතින් දිවයින පුරා විවිධ කර්මාන්ත ඇතුළු නිෂ්පාදන ආයතන පන්සීයකට ආසන්න ප්‍රමාණයක් විවිධ ආපදාවන්ට ලක්ව ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ආපදාවට ලක්වූ මෙම නිෂ්පාදන ආයතන වලින් සැලකිය යුතු ප්‍රමාණයක් සිය ව්‍යාපාර කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය චතුරංග අබේසිංහ මහතා ලංකාදීපයට පැවසීය.

කෙසේ වෙතත් ගංවතුර තත්ත්වය හේතුවෙන් කැලණි මිටියාවතේ කර්මාන්තාලා ගණනාවක් තවමත් ආරම්භ කිරීමට නොහැකි වී පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.