’’ෆයිසර්’’ එන්නත් පළමු තොගය අනිද්දා ලංකාවට


(සුජිත් හේවාජුලිගේ )

ඇමරිකාවේ නිෂ්පාදනය කෙරෙන " ෆයිසර්" එන්නත් පළමු තොගය මෙරටට අනිද්දා(5) සදුදා ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මෙසේ ලැබෙන එන්නත් මාත්‍රා ප්‍රමාණය 26,000කි.

එසේම තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් ලබන සතියේ ද මෙරටට ලැබෙනු ඇතැයි ඔහු සඳහන් කළේය .

ඉදිරි කාලයේදී ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ දෙකක ප්‍රමාණයක් මෙරටට ලැබීමට නියමිතව ඇතැයි පැවසූ ජයසුමන මහතා එම එන්නත් ලැබුණු වහා ඒවා තෝරාගත් ජන කණ්ඩායම්වලට ලබාදීමට පියවර ගන්නා බවද පැවසුවේය .

"ෆයිසර් " මාත්‍රා දෙකක් ලබාගත යුතු වර්ගයේ එන්නතකි.

මෙයට අමතරව "මොඩර්නා " වර්ගයේ එන්නත් තොගයක් ද ඉදිරි කාලයේ දී මෙරටට ලැබීමට නියමිතව ඇතැයි මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය .