
(නිමල කොඩිතුවක්කු)
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වයෙන් විපතට පත් වූවන්ට සහන ලබා දෙන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ප්‍රජා ශක්ති වැනි සිවිල් කමිටුවල නිලධාරීන්ගේ සහතිකයන් සහන ලබාගැනීමට අවශ්‍ය වීම යනු සහන කටයුතු වෙනත් පැත්තකට ගෙන යාමක් බවත් මේ සහන ක්‍රියාවලිය පිරිසිදු වගවෙන වගකියන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජනබලවේගය විසින් ක්‍රියාත්මක “හුස්ම” වැඩසටහන යටතේ හලාවත සහ මාරවිල රෝහලට රුධිර කාන්දුකරණ යන්ත්‍ර ඇතුලු සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට එක්වෙමිනි.
සහන ලබා ගැනීමට ප්‍රජා ශක්ති කමිටුවල අනුමැතිය අවශ්‍ය බවට රජයේ ප්‍රබල ඇමතිවරු කියමින් යන බවත් ප්‍රතිලාභ ලැබීමට සහතිකය අවශ්‍ය රාජ්‍ය නිලධාරින්ගෙන් පමණක් බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

