(අංජුල මහික වීරරත්න)
රෝග නිවාරණයේ දී ක්‍රීඩාව හා ව්‍යායාම ඖෂධයක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පසුගිය වසරේ රජයේ රෝහල් වලට වෛද්‍ය සැපයීම් ඒ්කකය හරහා ඉන්සියුලින් ඇතුළු දියවැඩියාව සම්බන්ධ ඖෂධ සැපයීම සදහා රුපියල් මිලියන 7300 ක පමණ මුදලක් වියදම් කර ඇති බව කී අමාත්‍යවරයා එම මුදල් ප්‍රමාණය දෛනිකව ඉහළ යන බව ද පැවසීය.
ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ ක්‍රීඩා හා ව්‍යායාම වෛද්‍ය ඒකකය විවෘත කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
භාණ්ඩාගාරයෙන් ලබාදෙන මුදල් ප්‍රතිකාර සේවා සඳහා ඖෂධ මිල දී ගැනීමට වැඩියෙන් යෙදවීම සඳහා කටයුතු සැලසුම් කරනවා වෙනුවට හැකි සෑම අවස්ථාවකම රෝග නිවාරණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව අමාත්‍යවරයා පැවසීය.