(අංජුල මහික වීරරත්න)
"මොළ හතේ ආණ්ඩුව" කූඩැල්ලන් සේ ජනතාවගේ ලේ උරා බොමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ බුලත්සිංහල සංවිධායක සහ හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.
වර්තමානයේ ඇත්තේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීකම හෝ විපක්ෂ නායකකම රැක ගන්නා සටනක් නොව අනාගත පරපුරට රටක් අයිති කර දීමේ වගකීම බව කී තෙවරප්පෙරුම මහතා එක්සත් ජාතික පක්ෂය එම කාර්යය ඉටු කරන බවද සඳහන් කළේය.
"ඩී.එස් සේනානායක ,ඩඩ්ලි සේනානායක,ජේ.ආර් ජයවර්ධන වැනි නායකයන් සියලුම දෙනා තම දේපළ රජයට පැවරුවා. අපේ වත්මන් නායකතුමා කටයුතු කරන්නෙත් ඒ ආකාරයටයි. එතුමන්ලා රටේ දේවල් බදා ගත්තේ නැහැ "යනුවෙන්ද පාලිත තෙවරප්පෙරුම මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

