’’මෙරට වැඩිම ජිවිත තර්ජන ඇත්තේ මහින්දට’’


(යොහාන් භාසුර)

මහින්ද රාජපක්ෂ මැතිතුමා වර්තමානයේ මෙරට වඩාත් ජිවිත තර්ජන ඇති පුද්ගලයා බවත් අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපතිතුමා  වුවත් ඔහුට  ජිවිත තර්ජනයක් නෙනාමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (3) පැැවසීය.

සාගර කාරියවසම් මහතා, බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ අද (3) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.  

ත්‍රස්තවාද සංවිධානයක් සමඟ ගැටෙනවා කියන කාරණය සරළ දෙයක් නොවන බවත් ඉන්දිරා ගාන්ධී සික් ත්‍රස්තවාදි සංවිධානයකට එරෙහිව කටයුතු කර ඊට වසර කිහිපයකට පසුව එතුමියගේ ලඟ හිටි සික් ජාතික ආරක්ෂක සෙබලකු ලවා එතුමියව ඝාතණය කළ බවත් ඒ මහතා කීය.

ත්‍රස්තවාදි සංවිධාන පළිගන්නේ දීර්ඝ කාලයක් තරහව හිතේ තියාගෙන බව කී කාරියවසම් මහතා පැවසුවේ දැනටත් බුද්ධි අංශ වාර්තා අනුව ශ්‍රී ලංකාවේ වැඩිම ජිවිත තර්ජනයක්  මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන්ට බවත්ය.

එතුමාව ආරක්ෂා නොකර මින් ඉදිරියට එවැනි තත්වයක් ඇතිවු විට ඉදිරියේ පත්වන කිසිම නායකයෙක් රට වෙනුවෙන් තීන්දු සහ අභියෝග භාරනොගන්නා ත්වයක් ඇතිවිය හැකි බව ද ඒ මහතා කීය.

අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට දී තිබෙන නිල නිවස ප්‍රකාශ කරන වටිනාකම් සමඟ බැලුවොත්  ඊට වඩා වැඩි අගයක් ගන්නා බවත් එතුමා ඒ සම්බන්ධයෙන් පළමුවෙන්ම තීරණයක් නොන්නේ ඇයිදැයි ගැටලුවක්මතුවන බවත් කාරියවසම් මහතා සඳහන් කළේය.

අනුර කුමාර දිසානායක මහතාට මහනිද් රාජපක්‍ෂ මහතා පමණක් ප්‍රශ්නයක් වීම මත එය සම්පූර්ණයෙන්ම කුහකකම සහ පළිගැනීමක් බව ක කීය.