(සුජිත් හේවාජුලිගේ)
ගංවතුරට හසු වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පීඨ තුනෙන් පීඨ දෙකක් මේ මස 29 වැනිදා අධ්‍යයන කටයුතු සඳහා විවෘත කරන බව එම විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පැවසීය.
මේ අනුව විවෘත කෙරෙන්නේ කෘෂිකර්ම සහ පශු වෛද්‍ය පීඨ දෙකයි.
කළමනාකරණ පීඨය ලබන ජනවාරි අග හෝ පෙබරවාරි මුල විවෘත කිරීමට බලාපොරොත්තු වෙයි.

