’’පාරෙ බැහැල යන්න බැරි තරමට රටේ මිනීමැරුම් වැඩි වෙලා’’


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මිනිහෙකුට පාරේ බැහැලා යනවත් උසාවියට යන්නවත් බැරි තරමට රටේ මිනීමැරුම් අපරාධ වැඩිවී ඇතැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

මිනීමැරුම් වැඩි වී ඇතත් රජය ඒ සම්බන්ධයෙන් පියවරක් ගන්නා බවක් පෙනෙන්නට නැතැයිද  ඔහු සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ අලුත් කඩේ අධිකරණයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

නීතිය හා සාමය ක්ෂේත්‍රයේ බරපතළ  අර්බුදයක් මතුව තිබෙනවා. දිනපතාම මිනීමැරුම් සිද්ධ වෙනවා. කුඩා දරුවන් පවා මැරිලා යනවා. මේවාට මීට වඩා ශක්තිමත් විසඳුමක් අවශ්‍යයි. එතනදි අපි රජයට සහාය දෙන්න සූදානම්. අද මනුස්සයෙකුට පාරේ බැහැලා යන්න බෑ. පුද්ගලයකුට අධිකරණයටත් යන්න බැරිනම් ඒක බරපතළ  ප්‍රශ්නයක්. නීතිය හා සාමය සම්බන්ධයෙන් ගත හැකි ශක්තිමත්ම පියවර ගත යුතුයි. මිනීමැරුම් හිංසන දූෂණ සිදුවෙන්න බැහැ. රාජ්‍ය බලය අද  තියෙන්නේ ඔබතුමන්ලාගේ අතේ.