’’ඩිජිටල් එන්නත් සහතික ලබාගන්න පැය 24 කදි අයදුම්පත්‍ 1000ක්’’


(යොහාන් භාසුර)

අන්තර්ජාලය හරහා ‘ඩිජිටල් එන්නත් සහතිකය’ (ස්මාර්ට් වැක්සිං සටිෆිකට්) ලබාදීමේ ව්‍යාපෘතිය ආරම්භ කර පළමු පැය 24 තුළදී අයැදුම්පත් 1000 පමණ ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය තොරතුරු පිළිබඳව අධ්‍යක්‍ෂ විශේෂඥා වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පැවසීය.

මෙම ඩිජිටල් එන්නත් සහතිකයේ ‘යූආර්’ විද්‍යුත් කොටසේ ගබඩා කර ඇති තොරතුරු ලෝකයේ ඕනෑම ස්ථානයකදී පරීක්‍ෂා කර තහවුරු කරගත හැකි බව කී විශේෂඥා වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පැවසුවේ විදේශගත වන පුද්ගලයන් පමණක් මෙම සහතිකයේ නිකුත් කරන බවයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන අඅඅගයැ්කඑයගටදඩගකන යන බෙව් අඩවියට පිවිස ඒ සඳහා අයැදුම් කළ හැකි බවත් අයැදුම් කර දින පහත් හතත් අතර කාලයකදී ඔහුගේ හෝ ඇයගේ විද්‍යුත් ලිපිනයට සහතිකය යොමු කරන බවත් විශේෂඥා වෛද්‍ය පාලිත කරුණාපේම මහතා කීය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී අද (27) පැවැති මාධ්‍ය හමුවේදී විශේෂඥා වෛද්‍ය පාලිත කරුණාපේම මහතා එසේ පැවසීය.