’’ඔයාලා කෝපි කඩේ දයාවතී වගේ’’


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඔයාලා හරියට කෝපි කඩේ දයාවතීලා වගේ. හැමෝටම චෝදනා කරනවා පමණයි.ඔප්පු කරගන්න බෑ යැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයට චෝදනාවක් කරමින් පැවසීය.

"බිමල් රත්නායක සභානායක තුමා ටයිකෝට් ඇඳගෙන පාර්ලිමේන්තුවේ සංවරකම ,ගෞරවය ගැන කතා කළා.ඒත් පාර්ලිමේන්තුව ඉවර කරන්න ඕන, අවසාන බංකරේ පාර්ලිමේන්තුව කියලා අතීතයේ කතා කළේ කවුද? මේ ටයිකෝට් දාගත්ත වෘකයෝ. පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු වෘකයෝ. අද ටයි කෝට් දාගෙන ඇවිත් පාර්ලිමේන්තුවේ සංවර බව ගැන කතා කරනවා.මේ පාර්ලිමේන්තුව- රට නේපාලයක් නොවී බේරගන්න අවස්ථාව එදා අපට ලැබුණා.ඉදිරියේදී ඔබලාට පාර බැහැලා යන්න බැරි කාලයක් උදා වෙනවා.මේ උදවිය එදා ලොකු බඩක් දකිනකොට විහිළු කරනවා. දැන් ඒ අයගේ බඩ කොහොමද?වෙස්වලා ගත්ත වෘකයෝ ටික අද සුදු රෙදි පොරවගෙන ඉතිහාසය අමතක කරන්න උත්සාහ කරනවා.ආණ්ඩුවේ ඇමතිවරු පාර්ලිමේන්තු දීමනා ගන්නේ නෑ කිව්වත් ඒ ඔවුන් සියල්ල ගන්නවා.මම ඕන්නම් ඔප්පු කරලා පෙන්නන්නම්.ඔයාලා හරියට කෝපි කඩේ දයාවතීලා වගේ. හැමෝටම චෝදනා කරනවා පමණයි.ඔප්පු කරගන්න බෑ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.