’’අරගලකරුවන්ට විහාර මහා දේවි උද්‍යානය දෙන ක්‍රමය ගැන කණගාටුයි‘‘’’


(නිමල කොඩිතුවක්කු)

අරගලකරුවන්ට විහාර මහා දේවි උද්‍යානය වෙන් කර දෙනබව පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් කනගාටු වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී  අද (22)පැවසීය.

අරගලකරුවන් පැය 24න් ඉවත් වන බව ප්‍රකාශ කර තිබියදි අරගලකරුවන්ට, නීතීඥයන්ට, මාධ්‍යවේදීන්ට පහරදිම රටේ  ප්‍රතිරුපයට විශාල හානියක් බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

"මෙම සාමකාමී අරගලය  දෙස මුළු ජත්‍යන්තරයම බලගෙන හිටියා. එමෙන්ම ඔවුන් ප්‍රකාශ කර තිබුනා පැය 24ක් ඇතුළත මෙම අරගලය තාවකාලිකව නවත්වන බවත්. එසේ තිබියදි මෙම පහරදිම ගැන අපිට කිසිසෙත්ම පිළිගන්න බැහැ. අරගලකරුවන්ට වීහාර මහා දේවි උද්‍යානය වෙන් කර දෙනවා කියලා පසුගියදා පක්ෂ නායක් රැස්වීමෙදි නව ජනාධිපතිවරයා අපිට පැහදිලිවම කිව්වා. පැය 24න් ඉවත් වන බව ප්‍රකාශ කර තිබියදි අහිංසක අරගලකරුවන්ට,නීතිඥ මහත්වරුට, මාධ්‍යවේදීන්ට ,ජත්‍යන්තර මාධ්‍යවේදීන්ට පහරදිම අපේ ප්‍රතිරුපයට විශාල හානියක්.

අපේ රට බංකොලොත් වෙලා තියන අවස්ථාවක විශේෂයෙන්ම බටහිට රටවල්වලින් අපි උදව් ඉල්ලන අවස්ථාවක මෙවනි ප්‍රහාරයක් එල්ල කිරිම ශ්‍රී ලංකාව කබලෙන් ලිපට දැමිමක්.

ඒවාගෙම දැනටමත් මෙම ප්‍රහාරය යුරෝපා හවුල ,මහා බ්‍රිතාන්‍ය ,ඇමෙරිකව,කැනඩාව වැනි රටවල් තරයේ හෙළා දැකලා තියනවා. දැනටමත් අපේ රටට විරුද්ධව ජත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ යොජනාවක් සම්මත වෙලා තියනවා. දැන් මේ ප්‍රශ්න ඒවාට එකතු වුණාම අපිට විශාල ජත්‍යන්තර අර්බුදයකට මුහුණ දෙන්න සිද්ද වෙනවා මේ රජය යන්නෙත් පරන රජය ගිය පාරේමයි කියන එක ඉතාමත් පැහැදිලියි.