(තිලකරත්න දිසානායක)
ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස්ථාන 19 මගින් සිදුකළ " අමුත්තන්ගේ රාත්‍රිය " මෙහෙයුමෙන් විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 306 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිස් අධිකාරී කාර්යාලය සදහන් කරයි.
පැය හයක කාලයක් තුළ රාත්‍රියේ සිදු කරන ලද මෙම මෙහෙයුමේදී අධිකරණය මගහැර සිටි වරෙන්තුකරුවන් 86 දෙනෙකු, හෙරොයින් සහ ගංජා ළඟ තබා ගැනීම් සම්බන්ධයෙන් 20 ක් , නීති විරෝධී මත්පැන් ළඟ තබා ගැනීම් සම්බන්ධයෙන් 28 ක් සහ සැකපිට පුද්ගලයන් 51 දෙනකු අත් අඩංගුවට ගෙන ඇත.
තවද බීමතින් රිය පැදවීම මත රියදුරන් සිව් දෙනකු ,රියදුරු බලපත් නොමැතිව රිය පැදවීම මත පුද්ගලයන් සිව් දෙනකු , අපරීක්ෂාකාරීව රිය පැදවීම සම්බන්ධයෙන් අයකු සහ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් 113 දෙනකු මෙම මෙහෙයුමේදී නීතිය රැහැනට හසු කර ගැනීමට හැකිව ඇත.

