’’900’’ කණ්ඩායමත් කොරියාවට


(අංජුල මහික වීරරත්න)

හිටපු මැති ඇමතිවරුන්ගේ විවිධ ක්‍රියාවන් හේතුවෙන් ජනතාව මහත් අපහසුතාවයන්ට ලක්වු බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ (Employment Permit system EPS) දකුණු කොරියාවේ සදහා පිටත්ව යන 900 වෙනි කණ්ඩායම අමතමිනි.ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශ්‍රවණාගාරයේ දී මෙය පැවැත්විණි.

2004 සිට 2024 දක්වා රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ කොරියා රැකියා සදහා 78,153 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර  2025 වසරේ ජනවාරි සිට මේ දක්වා රැකියාලාභීන් 710 ක් පිටත්ව ගොස් ඇත.

මෙහි දී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ කොරියාවේ රැකියා සදහා ගොස් එරටදී ලබාගත් දැනුම හා පලපුරුද්ද නැවත ලංකාවට පැමිණ, එම දැනුම සහ හැකියාවෙන් තම රටේ දියුණුව වෙනුවෙන් යොදන ලෙසටයි.