
(අංජුල මහික වීරරත්න)
“අපි අපේ බත් පිඟානවත් හරියට බෙදාගන්න දන්නේ නැති ජාතියක් යැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය.
අමාත්‍යවරයා මෙසේ කීවේ ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනය මඟින් සංවිධාන කළ “එක මිටට - ගොවි බිමට” පිළිමතලාව වැඩසටහන අමතමිනි.
"වියදම් කරලා ඉතාම අමාරුවෙන් යම් යම් දේවල් කරලා මහන්සියක් පිරිවැයක් දරලා පිඟානට එන බත් වලින් 50%ක්ම අපතේ යවනවා. විසි කරනවා. පසු අස්වනු කලමනාකරණය කරන්න ඉන්නවා නම් අපි එතනින් පටන් ගන්න ඕන.”යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී කීය.
පිළිමතලාව යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේ දී මෙම වැඩසටහන පැවැත්විණි.
ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම වෙනුවෙන් පසු අස්වනු හානිය අවම කිරීම මෙන්ම පසු අස්වනු තාක්ෂණය භාවිත කරමින් කෘෂිකර්මාන්තය ආශ්‍රිත නව ව්‍යවසායකයින් බිහි කිරීමේ අරමුණු ඇතිව ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනය මඟින් මෙම වැඩසටහන සංවිධාන කළේය.

