ජයන්ත සමරකොන්
‘මට දැන් සුවයි. නඩු කටයුතුවලට මුහුණ දෙන්නට හැකි ඉක්මණින් ලංකාවට එනවා.’ යැයි සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් සමඟ පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සුවදුක් බැලීම සඳහා සිංගප්පූරුවට ගොස් ආපසු පැමිණී අවස්ථාවේ දී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
සැත්කමින් පසු හිටපු ආරක්ෂක ලේකම්වරයා අවුරුදු 20 කින් මෙහාට තරුණ වෙලා. කවුරුත් ඉල්ලන ජනපති අපේක්ෂකත්වයට පමණක් නොවෙයි ඔහු ඕනෑම දෙයකට සුදානම් යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කටකතා හරියට යනවා. මට ඇමෙරිකාවේ පුරවැසිභාවය තිබුණා නම් සිංගප්පූරුවේ රෝහලකට විශාල මුදලක් ගෙවා ප්‍රතිකාර ලබන්නට අවශ්‍ය නැතැයි ඔහු සමඟ කළ කතාවකදී විශේෂයෙන් සඳහන් කළ බව මන්ත්‍රීවරයා කීය.
යෝගා ව්‍යායාම කළ හිටපු හිටපු ආරක්ෂක ලේකම්වරයා තවමත් නිර්භීතයි ජවසම්පන්න යැයි ද මන්ත්‍රීවරයා කීවේය.

