
(ඉන්දිකා රාමනායක)
නිව් ඩයමන්ඩ් නෞකාවෙන් මුහුදට කාන්දු වූ බව පෙනෙන්නට තිබෙන ඉන්ධන පැල්ලම්, නෞකාවේ ගබඩා කර ඇති ඉන්ධන නොවන බවත් නෞකාව යාත්‍රාකිරීමේ කටයුතු සදහා යොදාගනු ලබන ඩීසල් ඉන්ධන බව නිරීක්ෂණයේ දී හෙළි වු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා මහතා පවසයි.
මෙතෙක් සිදුකළ පරීක්ෂණයේ දී හෙළි වී ඇත්තේ ගිනි ගැනීමට ලක්වූ නාවික හමුදා ටග් යාත්‍රා මගින් මෙම නෞකාව ගැඹුරු මුහුද වෙත ඇදගෙන යන අවස්ථාවේ දී එහි ධාවනය සදහා යොදා ගනු ලබන ඉන්ධන පිටතට වැටී මුහුදුට වැටී මෙලෙසින් පෙනෙන බවද හෙතෙම කියා සිටියේය.
අද පෙරවරුව වනවිට මෙම නෞකාව සංගමන්කන්ද ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 41ක් දුරින් වූ ගැඹුරු මුහුදට ඇදගෙන ගොස් තිබු බවද නාවික හමුදාව සඳහන් කරයි.
මෙම නෞකාවේ ධාවනය සදහා යොදා ගනු ලබන ඉන්ධන පිටවන්නේ කෙසේද යන්න සොයා බැලීම සහ ඒ සඳහා ගත හැකි ක්‍රියා මාර්ග සොයා බැලිමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් මත නාවික හමුදාවේ විශේෂ කණ්ඩායමක් නෞකාව බලා ගමන් ගත්ත ද වැහිරබ කාලගුණය හේතුවෙන් එම කණ්ඩායමට නෞකාව දෙසට ගමන් කිරීමට දුෂ්කර වී ඇති බවද නාවික හමුදාව මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
(ඡායාරූප - ගුවන් හමුදා මාධ්‍ය අංශය)

