(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සෑම පුරවැසියකුටම එක හා සමාන ලෙස සැලකිය යුතු බව සඳහන් වුවත් උඩරට කදුරට කම්කරු ජනතාවට ලැබිය යුතු නිසි ගරුත්වය ස්ථාවරය ශක්තිය ලැබී නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
උඩරට කම්කරු ප්‍රජාව තේ කර්මාන්තයේ ව්‍යවසායකයන් බවට පත් කිරිම සමගි ජන පලවේගයේ අරමුණ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රණසිංහ ප්‍රේමදාස යුගයේ ඔවුන්ගේ පුරවැසි අයිතිය ලබා දුන්නා සේ අනාගත සමගි ජන බලවේග රජයක් තුළ ඔවුන්ට ජිවත් වීමේ අයිතිය ලබා දෙන බවත් වතුකම්කරු 200 වැනි සංවත්සරය සමරමින් නුවරඑළිය නගර ශාලාවේ පැවැති උත්සවයකට එක් වෙමින් ඔහු කීවේය
උඩරට කදුරට ප්‍රජාව තමන්ගේම ඉඩමක අයිතිය ඇති තේ කර්මාන්ත ව්‍යවසායකයෙක් බවට පත් කරන කුඩා තේ වතු හිමියන් බිහි කිරීමේ විප්ලවය සමගි ජන බලවේග රජයක් තුළ ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය

