( විශේෂ වාර්තා කරුවෙකු විසිනි)
දෙණියාය ,පල්ලෙගම ප්‍රදේශයේ වෙල්යායක බලපත්‍ර රහිතව මැණික් ගරමින් සිටි මෙවර පළාත් පාලන මැතිවරණයට හෙලිකොප්ටරයෙන් නාමයෝජනා ලබා දුන් අපේක්ෂකයකු ඇතුළු 05 දෙනකු ගැරීමට යොදා ගත් උපකරණ සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අදාළ අපේක්ෂකයා කොටපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු පොහොට්ටු මන්ත්‍රීවරයකු වන අතර සෙසු සිව් දෙනා කොළොන්න ,ගංගොඩ ප්‍රදේශවල පදිංචි අයවලුන් වන අතර ඔවුන් වයස අවුරුදු 40- 44 වයස්කාණ්ඩවල පසුවන්නන් බව වැඩිදුර පරීක්ෂණ කිරීමේදී අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.
පල්ලෙගම, සංස්කෘතික මධ්‍යස්ථානය පිටුපස ප්‍රදේශයේ වෙල් යායක විදුලි පන්දම් ගසා ගෙන මැණික් ගරන බවට ලද පුද්ගලික තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබු අතර එහි පොලිස් නිලධාරීන් යන විටත් සැකකරුවන් අඩි 10 ක් පමණ යටට වළ හාර ඇති බවත් එහි අදාල අපේක්ෂකයා ද ඇතුළු තවත් සිව් දෙනෙකු ඉල්ලම් හාරමින් සිට ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

