‘‘හමුදා අධ්‍යාපනයට දක්ෂයන් පත් කළ යුතුයි‘‘


(දයාසීලි ලියනගේ)

හමුදා අධ්‍යාපනයට තමන්ගේම විෂය පථයක් තිබිය යුතු අතර,සිවිල් අධ්‍යාපනය දක්ෂ, පළපුරුදු හා සුදුසුකම් ලත් සිවිල් අධ්‍යාපනාඥයන් අතට පත් කළ යුතු බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා සඳහන් කරයි.

කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් උසස් අධ්‍යාපනය ලබාදීමේ කාර්යය සාක්ෂාත් කරගත හැකි වන පරිදි වහාම ප්‍රතිව්‍යාහගත කරන ලෙසටත් සිවිල් අධ්‍යයන වැඩ සටහන් මේ රටේ ජාතික විශ්ව විද්‍යාල පද්ධතියට අනුයුක්ත කළයුතු  බවටත් මහාචාර්යවරයා සඳහන් කරයි.

මිට අමතරව 1975 විශ්ව  විද්‍යාල පනත සංශෝධනය කරමින් හදිසියේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරන බව ද මහාචාර්ය බන්නැහැක මහතා සඳහන ්කරයි.

මෙයින් පෙන්නුම් කරන්නේ මිලිටරි හා සිවිල් අධ්‍යාපනය මිශ්‍ර වූ විකෘති ව්‍යාපෘතියක් ඉදිරිපිට ගෙනයාමට රජය ගන්නා උත්සහාය බව ද ඔහු සඳහන් කරයි.