‘‘සීමාවන්ට යටත්ව පළමු වැනිදා රට විවෘත කරනවා‘‘


(සුජිත් හේවාජූලිගේ සහ රංජිත් රාජපක්ෂ)

පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය ඉවත් කර සිමාවන්ට යටත්ව ලබන මස 01වැනි දා සිට රට විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ බැව කියා සිටියේ  නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලිම සදහා  එම රෝහලේ නිරික්ෂණ චාරිකාවකට එක් විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි. 

කොවිඩ් එන්නත ලබාදිම මේ වන විට සාර්ථකව සිදු කරමින් පවතින බවත්, කොවිඩ් 19 වයිරසය මෙරට තුළ පැතිර යාමේ අවධානම මේ වන විට පාලනය වි ඇති බවට සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වන බව කියා සිටියේය.

රට යලි විවෘත කිරිම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත්,එම සාකච්ඡාවෙන් අනතුරුව ගන්නා තිරණය අනුව සිමාවන් කිහිපයක් යටතේ රට යලි විවෘත කිරිමට පියවර ගන්නා බවයි.

(ඡායාරූප රංජිත් රාජපක්ෂ)