
ශ්‍රී ලාංකේය පත්‍ර කලා ඉතිහාසයේ තිස්තුන් වසරක් අඛණ්ඩව පත්‍ර කර්තෘත්වය හෙබ වූ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා ඇගැයුම් උළෙලක් දේශපාලනාඥයන්, පත්‍ර කලාවේදීන්,මාධ්‍යවේදීන්,විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ පදනම් ආයතනයේ දි අද පස්වරුවේ පැවැත්විණි.
‘‘සිරි අසිරි‘‘ මැයෙන් පැවැත් වූ මෙම ඇගැයුම් උළෙලේ දී තිරිකුණාමලයේ ආනන්ද අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහා නායක හිමි, විශ්‍රාමික විදුහල්පති දෙයියන්දර අමර ගුණසේකර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර, රජරට විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සේන නානායක්කාර, මහත්වරු දෙසුම් පැවැත් වූහ.
සමන් අතාවුද හෙට්ටි මහතා නිවේදන කටයුතු සිදු කළ අතර උත්සවයේ නර්තන නිර්මාණය දායක්තව රංගික ජීවන්ත ප්‍රමුඛ රිවේගා රංගායතනය සැපයීය.
සිරි රණසිංහ මිත්‍ර සමාජය මෙම උත්සවය සංවිධානය කළේය.













(ඡායාරූප-ගයාන් අමරසේකර සහ ලහිරු හර්ෂණ)

