(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
"විපක්ෂ නායකතුමා ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තේරුම් ගැනීමේ හෝඩියේ පන්තියේ" යැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
"පාස්කු ප්‍රහාරය සම්බන්ධ දේශපාලන විමර්ශනයකින් තොරව පිපිරවීම කළේ කවුද? පසුපස සිටියේ කවුද ?ආදිය පමණක් බලා ප්‍රමාණවත් වන්නේ නැහැ .ප්‍රහාරය සඳහා බලපෑ දේශපාලන හේතු මොනවාදැයි සොයා බැලිය යුතුයි. සහරාන් කරගෙන ගියේ ලංකාවම ඉස්ලාමීය රාජ්‍යයක් බවට පත් කිරීමේ වෑයමක්. එය දීර්ඝ කාර්යභාරයක්. එම දිග වැඩෙි පසෙක තබා ඔහු පුපුරුවා මියගියේ ඇයි? ඒ පිළිබඳව සොයා බැලිය යුතුයි. එකල පොලීසිය භාරව සිටි රනිල් වික්‍රමසිංහ මහතාට කොමිෂන් වාර්තාවෙන් යම් නිර්දේශයක් නොතිබීම ගැන මට කේන්තියක් තිබෙනවා යැයි මං වාසුදේව නායක්කාර මහතා කීය.

