‘‘විනය ගරුක පොලිසියක් බිහි කළ යුතුයි‘‘


(ආරියරත්න රණබාහු )

පොලිස් පරිපාලනය ප්‍රතිවුව්‍යගත කර විනය ගරුක පොලීස් දෙපාර්තමේන්තුවක් බිහිකිරීමට නව පොලිස්පතිවරයා කටයුතු කළයුතු යැයි ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ  අද පැවසුහ.

නව පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ආශිර්වාද පැතීම සඳහා කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ  පැවති ආගමික වතාවත් වලින් අනතුරුව අනුශාසනාවක් පවත්වමින් උන්වහන්සේ එසේ කීහ.

⁣ආචාර්ය අස්සජි හිමියෝ මෙසේද පැවසුහ .

දේශබන්දු තෙන්නකෝන් නව පොලිස්පතිතුමා එම තනතුර ට පත්වීමට පෙර යම්කාල සීමාවක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළා. ඒ කාලයේදී එම තනතුර එතුමාට බරක් නොවන බව පෙන්නුම් කළා.

කොළඹට ඇවිත් මිරිහාන ප්‍රදේශයේ සේවය කරන කාලයේදී ඒ මහතා ගංගාරාම විහාරස්ථානය ට සම්බන්ධ වුණා. එදා මෙදා තුර අප අතර ඇතිවුන සමීප සම්බන්ධතාවය දිගින් දිගටම පැවතුනා. අපගේ මෙන්ම විහාරවාසි ස්වාමින්වහන්සේ ලා ගේ අවවාද අනුශාසනා මත කටයුත කළා.

එතුමා කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්වුවාට පසු මේ ගමන් මඟ පිළිබඳව සමහරු සුබවාදී විදියටත් තවත් සමහරු බොහොම බයෙන් විවිධ පැතිවලින් කෝණවලින් බලන්න පුරුදු වුණා. ඒක මේ සමාජය තුළ පවතින පොදු ලක්ෂණයක් .

මෙතුමා කිසිදේකින් නොසැලී තිරඅදිටනින් යුතුව දුරදක්නා නුවණින් නොපසුබස්නා වීර්යයෙන් යුතුව කටයුතු ක්‍රියාකිරීමේ ප්‍රතිඵලය නිසා මේ තනතුර ලැබුනා කියා අප විශ්වාස කරනවා.

එතුමාගේ දක්ෂතාවය ක්‍රියාකලාපය පොලිස් ⁣⁣⁣දෙපාර්තමේන්තුවට කරන ලද අනූපමය සේවය නිල ඇඳුමට දක්වන ලද ගෞරවය ආදී ඒ සියල්ල සැළකිල්ලට ගෙන තමයි සේනාධිනායකයා ලෙස ජනාධිපතිතුමා නව පොලිස් පතිවරයා ලෙස මෙතුමාට පත්විම් ලිපිය ලබා දුන්නේ.

අප පොඩිකාලයේ පොලිස් නිළ ඇඳුමට හරි බයයි ගමිවල බෝක්කු උඩ සිටිය අය පොලිස් ජිප්එකක් එන කොට තරමක් තිගැස්සෙනවා. ඒ අතරත් වැරදි කරපු අය දුවනවා. සමහර විට තැපල්කරු දුටුවිටත් දුවපු අය සිටිනවා ඒකෙන් පෙනුනේ මේ නිලඇඳුමට තිබුන බය පක්ෂපාති කමයි.

නමුත් මේ මෑතකාලයේ ඒක වෙනස් වුණා. නිළඇඳුමට. බය නැති තරුණ පිරිසක් කාගේ හෝ වුවමනාවට මේ රට තුළ ඇතිවුනා.ඒ දරුවන් ගේ ආකල්ප වෙනස්කර ගෙන රටේ උන්නතිය පිළිබඳව කල්පනා කරල වෙනස් වෙන්න ඔින තැන තමයි අද ඉන්නෙ .

ඒ නිළඇඳුමට නැතිවී ගිය බය වැරදිකරුවන් සහ අපරාධකරුවන් තුළ නැවත ඇතිකළ යුතුයි. පසුගිය කාලයේ තිබුන ප්‍රජා පොලිස් ඒකකය නැවත බලගන්වන්න එය කොළඹින් පටන්ගත්ත.

රාජකාරි මට්ටමෙන් පොලිස්පති ධුරය ඉහළම තනතුරක් ඊට පත්වු ඔබතුමාට සමකාලීනයන් ලෙස සිටි අය එකතු කරගෙන මේ ගමන යන්න සාකච්ඡා කරන්න . ඒ ඒ පළාත්වල ගැටළු විසඳිමට ඔවුන් හා කටයුතු කරන්න .

ඇතැම් නිළධාරින් අතින් සිදුවන අත්වැරදි ගැන කටයුතු කිරිමේදී ඒ අය පහළට වැටෙන්න නැති වෙන විදියට ඉදිරියට ඇදගෙන යන විදියට සුබවාදීව කටයුත කරන්න .යැයි උන්වහන්සේ කීහ.

මෙම අවස්ථාව ට ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරින් පිරිසක් ද එක්ව සිටියහ.