‘‘ලාද්ලි‘‘ සම්මාන දිනූ විනීතා, සුනන්දා දිවයිනට


(ටී.කේ.ජී.කපිල)

ස්ත්‍රීවාදී දෘෂ්ටි කෝණයකින් සමාජභාවය පිළිබඳ සංවේදීව සහ ප්‍රශස්ත ආකාරයෙන් මාධ්‍ය වාර්තාකරණයේ යෙදීම වෙනුවෙන් පිරිනමන " ලාද්ලි " සම්මානය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ මුද්‍රිත මාධ්‍ය මාධ්‍යවේදිනී විනීතා එම්.ගමගේ මහත්මිය සහ විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් සුනන්දා හෙට්ටිආරච්චි මහත්මිය දිවයිනට පැමිණියහ .

ශ්‍රී ලංකාවට පළමු වරට මෙම සම්මානය හිමි වී තිබූ අතර ඉකුත් 12/12 දින ඉන්දියාවේ මුම්බායි නුවර ජාතික ප්‍රසාංගික කළා මධ්‍යස්ථානයේ පැවති උත්සවයක දී මෙම සම්මානය ඔවුන්ට පිරිනමා තිබුණි .

මෙම ඇගැයීම් උත්සවය එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල , දකුණු ආසියාතික මාධ්‍යවේදිනියන්ගේ සම්මේලනය සහ ඉන්දියාවේ පොපියුලේෂන් ෆස්ට් යන ආයතන එක්ව සංවිධානය කර තිබුණි .

මෙම සම්මානය දිනා ගත් විනීතා එම්.ගමගේ මහත්මිය මව්බිම පුවත් පතේ සහකාර කර්තෘවරිය ලෙස සේවය කරන අතර සුනන්දා හෙට්ටිආරච්චි මහත්මිය චැනල් අයි රූපවාහිනී සේවයේ හිටපු අධ්‍යක්ෂවරිය ලෙස සේවය කර තිබේ .