(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන බවත් ඔහුගේ දියණිය අහිම්සා වික්‍රමතුංග මහත්මිය ඒම නඩුව සම්බන්ධයෙන් නීතිපති වරයාට චෝදනාවක් කරමින් ඒවා ඇති ලිපිය සම්බන්ධයෙන් ඇයට පෞද්ගලිකව පිළිතුරු ලිපියක් යැවීමට බලාපොරොත්තු වන බවත් අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (7) පැවසුවාය.
සන්ඩේ ලීඩර් පුවත්පතේ කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවේදී නීතිපති පාරින්ද රණසිංහ මහතා ක්‍රියාකර ඇති ආකාරය සැලකිල්ලට ගෙන ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එන්නැයි ඒ මහතාගේ දියණිය අගමැතිනී හරි නි අමරසූරිය මහත්මිය ට ඊයේ (6) ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කළාය.
හරිනි අමරසූරිය මෙනවිය මෙසේද පැවසුවාය
ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු වෙන්න ඕන. ඒ්ක තමයි අපේ ස්ථාවරය. ඉදිරියටත් එහෙමයි. ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය මතුකර ඇති කරුණු සහ ඇයගේ වේදනාව අපට හොඳින් තේරෙනවා. යුක්තිය සාධාරණය ඉටු කරන බවට අප ඇයට සහතිකයක් දෙනවා.නීතියේ නිසි ක්‍රියාදාමය අනුව කටයුතු කරන්න අප බලාපොරොත්තු වෙනවා. ඒ අයට යුක්තිය ඉටු වෙන්න ඕන. ඒක තමයි රජයේ මතය.