
(ඩයනා උදයංගනී)
ඉදිරි දිනවල දී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට රාත්‍රීයේ සහ අලුයම ශීත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මල්තුහින ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
රට පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මීදුම් තත්වයක් පවතින බව ද එම ප්‍රකාශකයා පැවසීය.

